Tuesday, October 29, 2013

ආණ්ඩුව මෙතරම් කාර්යක්‍ෂම නං ...... ඇයි අපි ඈස්චරිය අනාගන්නෙ ..... ?

අපේ ආණ්ඩුව තරම් කාර්යක්‍ෂම ආණ්ඩුවක් මේ ලෝකේ හතර දිග් භාගයේම නැතැයි අපේ අතිගරු ජනාධිපතිතුමා උදම් ඇනුවේ ඇස්චරියේ විහිදුම් සේලය දිගේ රේන්ජ් රෝවරයෙන් ලයිසන් නැතුව යන අතර මගදීය. ආණ්ඩුව කෙසේ වෙතත් ජනාධිපතිතුමා, ගෝඨාභය සහ බැසිල් තුන් කට්ටුව නම් අතිශය කාර්යක්‍ෂම බවට විවාදයක් නොමැත. මේ තුන්දෙනා හිටියාම ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද නැත.. මොකද කියනවා නම් අපේ රටේ 90% ක්ම පාලනය කරන්නේ මේ තුන්දෙනා නිසාය. එසේම ඒකද නියමෙටම කරනවාය.
දියත උයනට ගියාමත්, කොළඹ පැත්තේ සිදුවන දේ දිහා බැලුවාමත්, ටී එන් ඒ එකට වෙච්චි දේ ගැන සිතා බැලුවාමත් තුන් දෙනාගේම කාර්යක්‍ෂමතාවය පිළිබඳ හොඳ මිනුමක් ගත හැකිය. ඒ ගැන කතා දෙකක් නැත. ඒ වුනාට කතා කරන්න සිදු වෙන්නේ මේ හැට හුටහමාරක් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු (නො)කරන  දේ ගැනය.
අධ්‍යාපනය දී තිබෙන දෙන්නා ඒක හොඳටම අනාගෙන කනවාය.. ආදරුශමත් උසස් අධ්‍යාපන ඇමති කැසිනෝද ගහන්න ගොස් තිබෙන බවට පුරසාරම් පවා දොඩනවාය.. මමත් දවසක් ඇට්ලැන්ටික් සිටි එකේ ට්‍රම්ප් ටවර් එකට ගොස් ඩොලර් දෙකක්  දමා ජැක්පොට් ගසා ඩොලර් පණහක් දිනා ගත්තෙමි.. එපමණය.. ඉන් පසු ජැක්පොට් ගැසීමට හිතුනේම නැත. ඒ මගේ ගැම්බිලිං කිරීමය… තව ටික දවසකින් ගණිකා වෘත්තිය නීතිගත කරන්නට නීති සැකසුනොත් මම කැසිනෝ විතරක් නොවෙයි හොඳට බඩුත් ගහලා තියෙනවා යැයි එතුමා පුරසාරම් දොඩවනවා නියතය. (අපි නොදන්නවා යෑ ඔබතුමාගෙ කළු දෙදොල් ආසාව) එතුමාගේ ගමන් සගයා මොන්ටිසෝරි ලමයින්ට පැය එකහමාරක් දේශන පවත්වා ලෝක වාර්තාවක් පිහිටවූයේ මෑතකදී ය… 2500 ට කවන්න ගිහින් අනාගත්තා මදිවට විනාඩි 10 ක අවධානයක් තියාගන්න බැරි කිරිසප්පයින්ට පැය එකහමාරක්ම දේශනයක් දුන්නේ එතුමාගේ පරිණත බව මොනවාට කියා පාමිනි.
අල්ලපු ගෙදර අමුණුගම මහත්තයා මතට තිත තියන ගමන්ම කසිප්පු නීතිගත කරන්න යෝජනා කළේද එතුමාගේ දූරදර්ශී බව මොනවාට කියා පාමිනි. අපරාදේ කියන්න බෑ ඒක නොකළත් කෙරෙනවාය. මෑතකදී ගෙන්නපු එතනෝල් තොග තවමත් ගුදම් වල ඇති බව නිකං මගේ මෝඩ හිතට සිතේ. ඒවා කසිප්පු කිරීම බොහෝ ලේසි වැඩකි….
ඛණිජ තෙල් ඇමතිවරු දෙතුන් දෙනෙක් හිටියත් ස්බ්ස්ටෑන්ඩර්ඩ් පැට්‍රෝල් තවමත් රට තුළට එනවාය… සෞඛ්‍ය ඇමති මොනවා කළත් සිගරැට් කාරයෝ දිනුවෝය… එතුමාටත් සම්මානයක් ලැබුණෝය… රටේ හාල් අතිරික්තයක් වුනත් තවමත් හාල්මිල අඩු නැත… අහ්.. ලංකාවේ ලොකුම හාල්මෝල් හිමියා අර ඉස්සෙල්ලා කියූ ඇමතිතුමාගෙ සහෝදරයා නොවැ….
ක්‍රිකට් පාලක මණ්ඩලය බිලියන ගණනක් ණය වුනත් ක්‍රීඩා ඇමතිට අවුලක් නැත… එතුමා ඒකට වගකිව යුතු නැත… මිහින් ලංකා පාඩු වුනාට අපට වගක් නැත… ඒක අපේ නොවේ නෙ…
ඉතිං මේ අපේ ඇමති මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවෙන් අංශු මාත්‍රයක් පමණයි… ජනාධිපතිතුමා කෝකටත් ඔය කතාව ලියපු එක්කෙනාගේ කණින් අල්ලා මොළය පොඩ්ඩක් තිබෙනවාදැයි හෙව්වොත් හොඳය….
නැත්තං චෝගම් සෝලිය කාලෙ නෝන්ඩි වෙන්නේ ඔබ තුමා මය..
ප.ලි. මුතුහෙට්ටිගම මැතිතුමාට අධ්‍යාපන ඇමතිකම දුන්නා නං හොඳය…. එතුමා තරං සුදුස්දෙක් ඒ සඳහා හොයා ගන්න බැරිය…
ඊ. ප. ලි. හෙට උදේට මමත් ඇස්චරියේ සේලය දිගේ කටුනායක යන්න හිතාගෙන ඉන්නවාය… හැබැයි කවුරු මොනවා කිවුවත් වැඩේ සොලිඩ් ය… අන්න එහෙමයි පාරවල් හදන්න ඕන… පාරවල් හැදිල්ල අතින් නං ඔබතුමා කාර්යක්‍ෂමය…
ඒකටත් ප.ලි. කාර්යක්‍ෂම ආයතනයකට හැට හුටහමාරක් මැනේජර්වරු අවශ්‍ය නැති බව මම ඉගෙන ගන්නා මැනේජ්මන්ට් එකේ කියා දී ඇත….

7 comments:

  1. හේතුව ඔය කොයිකත් නෙමේ.ආන්ඩුව ඉතා කාර්‍යක්ශමයි.මොනවටද?එකයි වටින්නෙ අපෙ මෙ කුඩා දූපත ලොකෙ තැනකට ගේන්නද?නැත්නම් ඇස පිනවීම සහ වෙනත් කතාවලටද?

    ReplyDelete
  2. මෙවන් අදහස් ඇති ඔබ ජනාධිපති කළ යුතු බව මගේ හැගීමයි බං..

    ජය වේවා :)

    ReplyDelete
    Replies
    1. අනේ මේ... මගේ මොලේට ඕන නැති අදහස් නොදා හිටු...

      Delete
  3. සුදු වැන් එකක් එවන්නෙයි
    හය හතර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... කාර් එක කැඩුන දවසක කියන්නම්....

      Delete
  4. ආස්චරියේ මිහිදුම් සේලය විවෘත කරන දවසෙත් ශ්‍රීලංකාවේ ජාතික කොඩිය උස්සන්ට එපැයි චීනුන් කී බව ඇත්තක්ද?

    ReplyDelete
  5. අනේ ලංකාවේ අශ්චල්ය ...... මේකට කොමෙන්ටුවක් දානවට වඩා හොදයි බන් නොදා ඉන්න එක

    ReplyDelete