දුමින්ද ආශ්චර්යයකින් සුව වී ගෙදර පැමිණි දිනයේ දත කට පූට්ටු වී සිටි හිරුණිකා සිය විශ්වාසවන්තම ආධාරකරුවන් පස්දෙනා නිවසට කැඳවූවාය..
දැන් ඉතිං අපට කරන්න දෙයක් නැද්ද ?
අනේ මන්දා මිස්... දැන් නම් ඉතිං මොනවා කරන්නද මන්දා.. හැම Option එකම වැහුන නේ...
නෑ නෑ... තව එක තුරුම්පුවක් තියෙනවා....
ඒ මොකද්ද ඒ ? පස් දෙනාම ඇරපු කටවල් වසා ගන්නට බැරිව බලා සිටියා...
මම එයාගෙන් පලි ගන්නවා පලි ගන්නවා මයි....
ඒ කොහොමද ?
මම එයාව............
හරි... මම දන්නවා... මිස් ගිහින් අර ගලේ දේවාලෙ කපුවට ස්වර්ණමහල් එකෙන් රත්තරං කිලෝ එකක් අරන් ගිහින් දීලා පලි ගස්සවනවා.... එකෙක් පැන්නා......
නෑ... එහෙම නෙවෙයි...
හරි... මම දන්නවා... මම හිතන්නෙ මිස් අර අංකොක්කාවල සෝභිතට කියලා ගුරුකමක් කරවනවා....
නෑ අනේ....
එහෙනම් අර අළුත්ම සෙන්සේශන් එක අවුරුදු දහ අටේ සක්විති හාමුදුරුවොන්ට කියලා ගේමක් දෙන්න නේද යන්නෙ ?
නෑ එහෙමත් නෙවෙයි.. මම...
හරි හරි... කළුකම්බිලි දේවාලෙ ගිහින් මිරිස් තලියක් අඹරලා හැඳිගෑවිලා යන්නම වැඩක් දෙන්නයි මිස් හදන්නෙ..
නෑ අනේ මට ඔයාලා කියන්න දෙන්නෙම නෑනෙ...
හරි මිස්... ඔයා හදන්නෙ ජිනීවා වල මානව හිමිකම් එක මාර්ගයෙන් මේ ගැන කටයුතු කරන්න නේද ?
නෑ අනේ...
එහෙනම් කෙළින්ම ගිහින් ඔයාම වෙඩි තියන්නද ?
නෑ.. එතකොට මාව අහු වෙනව නෙ
හරි... කාව හරි ලවා වෙඩි තියවන්න....
එහෙමත්ම නෙවෙයි...
වස දෙන්නද ?
ඒක අමාරු වැඩක්...
හරි... මාලිගාවත්තෙ පාතාලෙ ලවුවා බෝම්බයක් ගහනවා...
නෑ අනේ.... ඔයාල මට කියන්න දෙන්නෙම නැද්ද ?
එහෙනම් දෙයියනේ ඔයා කොහොමද මිස් එයාගෙන් පලි ගන්නෙ ?
මම.............. දුමින්දව බඳිනවා.........