Friday, July 26, 2013
යකෝ මගෙ සුරේ..... උඹ මාව කෑවා.... (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින - හීනෙන් ටයිප් කරන - හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ ගෙවල්වලට යන - හීනෙන් ඇවිදගෙන ගොස් ශීතකරණයට චූ කරන ආදී හීනෙන් යන ප්‍රශ්න මටත් තිබෙන නිසාම.. කොහොම ඇඳට ගියා දැයි මමම දන්නේ නැතියැ..හීනය කොයි වෙලාවේ දැක්කා දැයි නිනව්වක් නැතියැ. සිදුවීම මෙසේ යැ.මම ඒ වෙලාවේ හිටියේ අරලියගහ මන්දිරයේයැ. මම ඒ වෙලාවේ හිටියේ මහින්ද අයියා ලඟමයැ. අපි දෙන්නා කුමක් හෝ බරපතල යමක් ගැන කතා කරමින් සිටියෙමුයැ. ඇල්කෙමිච්චි සහ පැටියා හිටියේ ශිරන්ති අක්කාගේ කාමරයේයැ.ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ. අපි ඒ තරමට සමීප පවුල් දෙකක් බවට පත් වී සිටියේ කෙසේදැයි මටම හිතාගත නොහැකි වියැ.
"යකෝ මගේ සුරේ.." මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්‍රැගන් වෙත පනින ක්‍රවුචින් ටයිගර් කෙනෙක් මෙනි...
සුරේ අම්බ්‍රෙල්ලා පවුඩර් වී ගියේයැ....
සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ...මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ... නැත නැත.... ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි...
"බුදු අයියේ... මම හිතලා කර දෙයක් නෙවෙයි..... සමාවෙන්න... මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා... ඒකයි නළල කැහැවුවෙ....."
"මලේ... උඹ හින්දා සමාව දෙනවා... වෙන එකෙක් නං දනී කරන දේ... හරිය ?."
"හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?"
"හැහ්...හැහ්.. උඹ ඒකවත් දන්නෙ නැතෙයි ?" මහින්ද අයියා සුපුරුදු දකුණෙ බාසාවෙන්ම ඇසුවේයැ.
"අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?"
"මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර...."
"මේ.... මම ම ද ?"
"ඔව් ඔව් වදේ... ඔයාම තමයි... වෙන කවුද ?"
"මල ඉලව්වයි..... ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා.... හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්...."
Subscribe to:
Posts (Atom)