Sunday, November 4, 2012

තදියම.................. කියවා තේරුම් ගත හැකි වැඩිහිටියන්ට පමණයි...


දුවති, පනිති
සයින් ගනිති,
නැවත දුවති,
බොස් හමුවෙති.
...............
ඔවා ගනිති,
යළිත් දුවති,
එහෙට දුවති,
මෙහෙට දුවති.
.........................
එයා කොහෙද - අපට උඩින්,
යන්න එන්නෙ ? - ටෝක් ද දෙති.
.......................
යළිත් දුවති,
උපදෙස් ගති,
නැවත ලියති,
වැරදි හදති.
........................
ලොක්කව හැපි - කරන්නනෙපැයි ?
සල්ලි නැතත් - සයින් කරති.
.......................
වැරදි හොයති,
නැවත ලියති,
දුවගෙන යති,
බොස් හමුවෙති.
.......................
සයින් කරති,
එකතු කරති,
ගානත් ඇති,
සැම තුටු වෙති.
......................
නැකැත් බලති,
ජයම පතති,
අයියත් ඇති,
අතටම දෙති.
......................
මෙදා පොටේ - දෙනව බැටේ,
අපට පුතේ - ජයම වෙතේ.
........................
කමිටු හදති,
උපදෙස් දෙති,
නැගලම යති,
වෙන වැඩ නැති.
............................
තව උන් ඇති,
යකඩ ගිලිති,
උන් වැජඹෙති,
කෝ නිතිපති ?
................................
මේ තදියම - සැම දේටම
තිබුණොත් ඇති - රට තුටු වෙති.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴