පිංවත්නි…
අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්යාරක්ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් පුන් පෝදා මට කියන්න තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉඟුරු ග්‍රෑම් 20 ක් පමණ.
සීනි ග්‍රෑම් 100 ක් පමණ
යීස්ට් ස්වල්පයක්
තරමක විශාල භාජනයක් ( ලොකු බෝතලයක් නම් අගෙයි)
සිදුරු සිහින් රෙද්දක්
පිරිසිදු ජලය
හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.
සාදන ක්‍රමය:
මුලින්ම ඉඟුරු ග්‍රෑම් 20 හොඳින් තලා තලපයක් සේ සාදා ගන්න.
පෙර කී විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරගන්න. තරමක විශාල භාජනයට ඉන්පසු ජලය මිලි ලීටර 200 ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න. ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වසා දින දෙකක් පමණ තබන්න. එසේ වසා තබන්නෙ මැස්සන් බිත්තර දැමීමෙන් වලක්වා ගන්න.. නැතිනම් සමහරවිට දිලීර සහ පණුවො බොන්න පුළුවන් වේවි.
දින දෙකකට පසු සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් දෙකක් සහ යීස්ට් ස්වල්පයක් බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කළ යුතුය. මේ කාළය තුළ එම භාජනය තුළ දිලීර (පුස්) සෑදී ඇත්දැයි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. එසේ දිලීර සෑදි ඇත්නම් එය වහාම ඉවත දමා තැවතත් අළුත් ද්‍රාවණයක් සාදා ගත යුතුය. ආර්ද්‍රතාවය සහ උණුසුම වැඩි ඝර්ම කලාපීය රටවල මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මෙසේ දින දහයයක් පමණ ආහාර දීමෙන් පසු, අදාල ද්‍රාවණය බෝතල කිහිපයකට පුරවා බෝතලයෙන් 2/3 ක් පමණ වන්නට ජලය පුරවා හොඳින් වසා තබන්න. බෝතලය තුළ යීස්ට් මගින් සීනි ජීර්ණය වීමේදී කාබන් ඩයොක්සයිඩ් සෑදෙන නිසා බෝතලයේ ඇතුලත පීඩනය අධික විය හැකිය. සමහර විට බෝතල් පුපුරා යාමකට ලක් විය හැකි නිසා මේ බෝතල කාඩ් බෝඩ් පෙට්ටියක දමා නිවසෙන් පිටත තැබීම ශරීරයට සහ නිවැසියන්ට හිතකර වීමට පුළුවන. නමුත් සුවඳට සතුන් මේ කරා ඇදෙන්නත් පුළුවන. ඒ ගැනත් පරෙස්සම් වෙන්න.
සතියක් පමණ මෙසේ තැබූ බෝතල්, නොසොල්වා ප්‍රවේශමෙන් විවෘත කළ යුතුය. මේ වන විට බෝතල අධික පීඩනයක් තුළ ඇති නිසා සෝඩා බෝතලයක් විවෘත කළ අවස්ථාවේ මෙන් පෙණ නැගීමක් දැකිය හැකි වනු ඇත. එවිට පිටතට පැමිණෙන පෙණ සහ බෝතලයේ අඩංගු දෑ සියල්ල වෙනත් භාජනයකට දමා ගැනීමෙන් අපතේ යාම වලක්වාගත හැක.

ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්යාරක්ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…

ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්යාරක්ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…
ඔබ සැමට සුපින්වත් වප් පුන් පෝයක් වේවා !
කරලා බලන්න ඕන !! :D
ReplyDeleteඅයියා ඔයා මරුනේ....... ජින්ජර් නැතුව ඉතුරු කැල්ල හදන හැටි ඊලග කොටසින් දානවද ???
ReplyDeleteඅර වර්ඩ් ෆේස් එකට කමෙන්ට් එකක් දැම්මා ඒක පේන්නේ නැ . ආයේ කොටන් බැ . මං යනවා
ReplyDeleteඑතකොට මේ අලියා ජින්ජර් බියර් කියන නොන් ඇල්කහෝලික් බියර් අහවල් එක වංචාවක් නේද ඇල්?
ReplyDeleteඅර වර්ඩ්ෆේස් දින පොතට දාන කමෙන්ට් කවුද කන්නේ , හැමදාම ඒකට දාන එව්වට වෙච්ච දෙයක් නැති වෙනවා , ස්පැම් වල බලන්න ,
ReplyDeleteඅන්න පෝයට පින් අතේ වැඩක්
ReplyDeleteමට හදාගන්න ඕන ජින්ජර් නැති බියර් එකක් හෙන ගහන්න වදින...
ReplyDeleteammata siri............pastane ayya..............
ReplyDeleteඇයි ඔබ පෝය සහ මේ පානය අතර සම්බන්ධතාවක් ඇති කරන්න උත්සාහ කලේ...මත් පානයක් සහ පෝයක් එකට එකතු කලාම ඔබට සෑහෙන කික්ද ? මේක ලියනකොටත් බීලද හිටියෙ ?
ReplyDeleteඅපෝයි දෙයියනේ..... :O
ReplyDelete