Saturday, August 10, 2013

කිරිපිටි බොන්න ඕනමද ?

කිරි තියෙනවද ?
ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide - ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා....
dicyanodiamide
dicyanodiamide
මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්....
කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම - ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු,  විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ... කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.
සතියක් කිරිපිටි නොබී බලන්න.... සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න... මාසයක් යද්දි වෙනස තේරෙයි... ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න... පොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ... සමහරවිට  පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු....


8 comments:

  1. ඒ වුනාට අපි ඇල්කෙමියා වගේ විෂයය දන්න කෙනෙකුගෙන් මීට වඩා පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන ප්‍රශ්ණය ගැන. කිරි බීම හෝ නොබීම ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බලමු... ලංකාවෙ බාසාවෙන් කියනවා නම් මේ දවස්වල පට්ට බිසී...වෙලාවක් හොයාගෙන ලියන්නම්...
      මේ දවස්වල රෑ වෙනකල් ඉන්න බෑ... දැන් උදෙන් නැගිටලා වැඩට යන්න තියෙන නිසා වේලසනින්ම නිදි... වෙලාව අහුවෙන විදියට තමයි කොටා බාන්නෙ...

      Delete
  2. ඇත්තටම කිරිපිටි කියන්නේ කිසිම කමකට නැති බිමක් ... මං කිරිපිටි බොන එක නැවැත්තුවේ පාසල් යනකාලේ 10 වසර ඉන්නකොට ( 2000 ) විතර . අද වෙනතුරු කිරි පිටි බොන්නේ නෑ ඕක බිව්වේ නෑ කියලා මට මුකුත් නැති වෙලත් නෑ ..කිසිම ප්‍රශ්නයක් නැතුව නොබී ඉන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් තියෙන්නෙ ඔතන...

      Delete
  3. හෙන්රිගේ කීම අනුමත කරමි, මේ පිළිඹඳ ටිකක් ගැඹුරට දැනගැනීමට කැමතියි.

    ReplyDelete
  4. I am lactose intolerant! ඉතින් මට කොහොමටත් බොන්න බෑ. හැබැයි දවස පටන් ගන්න කිරි වීදුරුවක්/ තේ එකක් ඕන කියන මතය කොහොම සමාජ ගත උනාද මන්දා! අපේ පැත්තේ කට්ටියට දවල් කෑමට පස්සේ කෝපි එකකුත් ඕන!

    ReplyDelete
    Replies
    1. සමාජයේ මිනිස්සුන්ට ආකල්පයක් කැවුවාම ඒක මුල් බහිනවා.
      Viruses of the Mind කියවලා බලන්න... එතකොට තේරෙනවා අපි යන සහ අපි යවන ගමන් ගැන..

      Delete