Friday, July 26, 2013
යකෝ මගෙ සුරේ..... උඹ මාව කෑවා.... (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
"යකෝ මගේ සුරේ.." මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්‍රැගන් වෙත පනින ක්රවුචින් ටයිගර් කෙනෙක් මෙනි..."කෑවා... කෑවා... ශිරන්තිටවත් අල්ලන්න දුන්නෙ නැති සුරේ, " කියමින් මහින්ද අයියා සුරේ අල්ලා පොලවේ ගැසුවේයැ.
සුරේ අම්බ්රෙල්ලා පවුඩර් වී ගියේයැ....
සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ...මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ... නැත නැත.... ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි...
"බුදු අයියේ... මම හිතලා කර දෙයක් නෙවෙයි..... සමාවෙන්න... මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා... ඒකයි නළල කැහැවුවෙ....."
"මලේ... උඹ හින්දා සමාව දෙනවා... වෙන එකෙක් නං දනී කරන දේ... හරිය ?."
"හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?"
"අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?"
"මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර...."
"මේ.... මම ම ද ?"
"ඔව් ඔව් වදේ... ඔයාම තමයි... වෙන කවුද ?"
"මල ඉලව්වයි..... ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා.... හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්...."
Subscribe to:
Post Comments (Atom)
ඔක හිනයක් විතරයි හොදෙ.උබ නිකමටවත් ඈත්තකියල හිතන්න එපා
ReplyDeleteහීනයක් වෙන එකත් එක අතකට හොඳයි...
Delete"සුරේ අම්බ්රෙල්ලා පවුඩර් වී ගියේයැ...." මේ මොකක් උනාටද බන් මෙහෙම කියන්නේ අදමයි ඇහැව්වේ මේ පවුඩර් ජාතිය
ReplyDeleteඅම්බ්රෙල්ලා පවුඩර් දන්නෙ නැද්ද ?
Deleteකුඩේ කුඩු....
අනේ මන්දා හින නම් පේනවා මේ ටිකේ ගජ රාමෙට..
ReplyDeleteහේහේ..පොල් ගාන්න වුන එක නම් මරු ඔක්කොටම වැඩිය..
ReplyDelete