ලංකාවට ඇවිල්ලා අදට මාස තුනක් ගත වුනා... ඒ මාස තුනේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම මටත් සිද්ධ වුනා... පළමු මාස දෙකේම ජීවත් වුන පුංචි අම්මලාගේ ගෙදරින් අපේම කියලා වෙනම තැනකට ගියේ ජුනි මාසෙ මුල. අපේම කිවුවට අනුන්ගෙ.. මාසික කුලිය ගෙවලා අපේම කරගත්තා. ඒ නිසා ඒ වෙනුවෙන් බඩුගන්නයි - විකුණන්නයි පොළටයි ආවේ වගේ එහේ මෙහේ ඇවිදලා අත්‍යවශ්‍ය දේවල් ගන්න.. ආදී දේ වලට පහුගිය මාසෙම මහන්සි වුනා.. රසායන විද්‍යා ආයතනයෙ සතියකට දවස් තුනක් ඉගැන්වුවට, සමහර සතිවල දවස් හතර පහ යන්න වුනා.. ඒ අතරෙ මගේ සමාජ සේවා වැඩකටයුතුත් කරගන්න ලැබුණා.
අම්මා අසනීප තත්ත්වයෙන් හිටි නිසා තරමක් ඒ කටයුතු වලටත් මහන්සි වුනා. ඒ අතරේ ගිය සතියෙ මිතුරියකගෙ විවාහයත්, මගේ සමීපතම මිතුරෙකුගේ මවගේ තුන්මාසෙ දානෙටත් සහභාගි වෙන්න ඉඩ ලැබුණා.
මේ කරුණා කාරණා නිසා බ්ලොග් එක ලියන එක නම් හොඳටම අතපසු වුනා. පිටස්තරයා බලපු මගේ මිතුරෙක්, “කෝ යකෝ ආගන්තුකයා ?” කියලා අහුවාමයි මට මතක් වුනේ පිටස්තරයා කතාවෙ සෑහෙන ප්‍රමාණයක් ලියලා නෑ නේද ? කියලා.. තවත් පරිඡේද කිහිපයක් ලියලා තිබුණත්, ඉදිරියේදි පිටස්තරයා පොතක් වශයෙන් පළ කිරීමේ අභිලාශය ඇති නිසාම, අවසාන කොටස් කිහිපය පළ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළා.
පසුගිය කාළයේ ම මම ලංකාවෙදි අත්දැකපු දේ බොහෝයි.
- වාහනයක් පදවනවා නම් ඒ පාරේ යන්නේ තමන් පමණක් බව හිතාගෙන පැදවිය යුතුයි.
- වම දකුණ කියා බේදයක් නැත. ඉඩ ඇති තැනකින් රිංගවිය යුතුය.
- පයින් ගමන් කරනවා නම් පදික මාරුව තිබෙන්නේ අපට මාරු වීමට නොවන බව සිතට ගත යුතුය.
- සමාජ සම්බන්ධතා ඇතිනම් ඕනෑම දෙයක් ඕනෑම තැනකින් කරගැනීමට හැකියි.
- මොන බලු වැඩේ කරගන්නත් හොඳින් ඇඳ පැළඳ ටයි එකක් දමාගෙන හෝ යා යුතුයි.
- සල්ලිවලට ගත නොහැකි දෙයක් නොමැති බව බොහෝ දෙනා සිතාගෙන සිටිති. තරමකට සත්‍යය.
- ලංකාවේ මිනිසුන් හැදීමට නොහැක. ඊට වඩා හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙනවා...
- ලංකාවේ 90% ක් දෙනාට විනයක්, හැදියාවක්, සාරධර්ම යන කිසිවක වගක්වත් නොමැත.
- තව ගොඩක් දේ ඇත..... කියලා වැඩක් නැත...
මේ සියල්ල මගේ අත්දැකීම් වලින් ලබාගත් නිගමන වේ. කිසිදු නිගමනයක් එක් වතාවක අත්දුටු දත්ත වලින් ලබාගත් නිගමන නොවෙයි.. ඒ නිසා මේ ගැන ලොකු වගකීමකිනුයි කතා කරන්නෙ...
මේ ගැන වෙන වෙනම කතා කරනවා නම් සෑහෙන දිග ලිපියක් ලියන්න වේවි.
ඉදිරියේදී නම් මගේ බ්ලොග්කරණයේ අඩුවක් දකින්න ලැබේවි. මොකද කියනවා නම් අගෝස්තු මාසයේ ඉඳලා මීටත් වඩා කාර්ය බහුල වෙන නිසා.. ඒ ගැනත් පසුව කියන්නම්..
මුලදි නම් අදහසක් තිබුණා ඇල්කෙමියාගේ රසායනාගාරය වෙනම වෙබ් පිටුවකට රැගෙන ගිහින් මීට වඩා සේවයක් කරන්න.. නමුත් දැන් දැන් සිදුවන කාර්යබහුලත්වයත් එක්ක ඒ අදහස නම් පස්සට දාන්න වෙනවා.
ඉඩ ලැබෙන විදියට බ්ලොග් සටහන් ලියන්න අදහස් කරගෙන ඉන්නවා... බලමු...
කොහොම වුනත් මාසෙකට එකක්වත් ලියන්න බලමු....
ඔන්න ඔහොමයි ඇල්කෙමියගෙ දිනපොතට ගිය කල...
pothak gahana nisa katawa newathvema nm maha shhokanthayak
ReplyDeleteබලමු... තවම අවසාන තීරණයක් අරන් නෑ.
Deleteකෝ මම මේකට ඊයේ රැ දාපු කොමෙන්ටුව
ReplyDeleteඒක ජංජාලෙ ගිලලා
Deleteගිහින් මාසෙකින් වරෙන්කෝ..:)
ReplyDeleteහා.. එහෙම කරමු.
Deleteඅර ආචාර ධර්ම පද්ධතිය ත්‍රිෙරා්ද රථ රියදුරන් සදහා නිකුත් කරපු එකක්
ReplyDeleteඅහ්... ඒකයි මේ...
Deleteමං බැලුවා ඇයි මේක අප්ඩේට් වෙන්නේ නැත්ෙත් කියලා... හි හි..
ReplyDeleteඅප්ඩේට් වෙන්න ලියැවෙන්න එපායෑ... හැක් හැක්...
Deleteඋබට අමතක උනාද උබ අවෙ ආසියවෙ ආශ්චර්යට කියල
ReplyDeleteමට මතක නෑ ඕයි ! :P
Deleteමාසෙකට එකක් ගානේ හෝ ලියන්නකෝ....
ReplyDeleteමාසෙකට එකක් දෙකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ..
Deleteඑ
මාසෙකට එකක් දෙකක් ලියන්න නම් හිතන් ඉන්නවා..
Deleteකාර්යබහුලත්වය .....
ReplyDeleteදක්ෂතා ගිලගන්නා හැමෝම හඳුනන යකා.