Monday, April 22, 2013

සයිබරයේ හීන සැණකෙළියට ගොස් පණ පිටින් ආපසු පැමිණියෙමි......


සයිබරයේ සැරිසරන්න පටං අරන් අවුරුදු තුනක් වෙලත් පහුගිය අප්‍රේල් 22 වෙනිදා වෙනකල් හැබෑවටම හම්බ වෙලා (මුස්ලිම් නෙවෙයි ඈ) තිබුණෙ දෙන්නයි. අරුණි අක්කා සහ මහවෙදනා... අරුණි අක්කා නම් හම්බ වුනේ සුද්දගෙ රටේදී... මහවෙදනා නං හමු වුනේ බෙහෙතක් ගන්න ගිහිපු වෙලාවක... ඉතිං ඉඳලා හිටලා හරි මගේ බ්ලොග් එක බලන කීප දෙනෙක් හමු වෙන්න ආසාවක් හිතේ තිබුණා කාලෙක ඉඳලාම... ඒ ආසාව ඉෂ්ඨ වෙන අවස්ථාව ලැබෙයිද කියලා බලාගෙන හිටියා කාලෙක ඉඳලා.. ජර්මනියෙ ජීවිතේ ඉවර කරගෙන කඩේ වහලා ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්න කාලෙ තමයි දවසක් මූණු පොතේ ලොග් වෙලා අටං එක්ක කතා කළේ... එදා අටංට පොරොන්දු වුනේ සයිබරයෙ බකට කොහොම හරි එනවා කියලා... මුලින් අගෝස්තුවෙ එන්න හිතාගෙන හිටියත්, කොහොම කොහොම හරි අප්‍රේල් පළවෙනිදම ලංකාවට ගොඩ බැස්සා... 21 වෙනිදා කැලැන්ඩරේ දිනය වෙන් කරගෙන හිටියත්, ඒ දවස ලංවෙද්දි වෙන වෙන වැඩ ගොඩ ගැහෙන්න ගත්තා... 21 වෙනිදා උදේම නුවර යන්න කාරණාවක් සෙට් වුන අතරේ ටිකක් දුර ඥාතියෙක්ගෙ සීයා කෙනෙක්ගෙ මරණයකුත් සෙට් වුනේ එදාම.. ඒ දෙකම මග හැරිලා කොහොම හරි මහරගම නාකි මධ්‍යස්ථානෙට ගියේ උදේ නවයහමාරට විතර.... අවුරුදු පහක් හයක් මහරගම කරක් ගහපු මට තරුණ මධ්‍යස්ථානෙ කියන්නෙ ගෙදර වගේ... ඉතිං උදේ ඇවිත් අඳුරන ඩයල් එකක් හොයනකොට තමයි කිරි කොකා වගේ හිටපු වැප් නිශාන්ත මහත්තයාව දැක්කෙ..
හලෝ වැප් නිශාන්ත මහත්තයා.... මම පියල්....
කවුරු ?
පියල්... පියල්....
පියල් කිවුවෙ ?
ඇල්කෙමියා....
ඈහ්... මේ ඇල්කෙමියාමද ?
ඔව් ඔව්... මම තමයි ඒ....
බුදු අම්මේ... මම හිතං හිටියෙ අර වෙනිවැල් අයියා වගේ ඇට හැලිච්ච නාකි පොරක් කියල නෙ... මේ මෙයා අපටත් වඩා බාලයි නෙ.... (ඔන්න වැප් කිවුවෙ ඔහොමමයි)
එහෙම තමයි...  (අයියෝ මගේ ප්‍රතිරූපෙ දෙවනි වතාවටත් බිඳ වැටුනා)
ඔන්න ඔහොම තමයි අවුරුදු උළෙලට සෙට් වුනේ....
හොරෙන් කන්න හැදුවත් රුපියල් දෙසීය දීලා එන්න කියලා වැපා මාව රෙජිස්ට්‍රේශන් ඩෙස්ක් එකට යවපු අතරේ මගේ අතීසාර මිත්‍රයා (දන්නෝ දනිති ඒ විස්තරේ) මාරයත් එතැනට සේන්දු වෙලා... කට්ටිය මාරයට කියලා අන්න ඇලා ඇවිත් කියලා පුළුවන් නං හොයා ගන්න කියලා... මාරයා ඉතිං කිරි ගහට මෝටාර් එකක් ගැහුවා වගේ මම එතැනට එනකොටම අල්ල ගත්තා... ඔන්න ඔහොම එකා දෙන්නා සෙට් වෙන අතරේ ටික දෙනෙක් අනුන්ගෙ මාර්ගයෙන් මාව අඳුනගෙන ඇවිත් කතා කළා.
ඔය අතරෙ තමයි අටමයි පොඩි අටමියි දැක්කෙ.. අපරාදෙ කියන්න බෑ පොඩි එකී නං අටමා වගේ නෙවෙයි.. හොඳ වෙලාවට... (ඒ යාළුකමත් ඉවරයි ඕං).... මම බොහොම ආසාවෙන් කියවන අටමගේ බ්ලොග් එක ලියන ඒකාව දැක බලාගෙන කතා කරන්න ලැබුන එක නම් බොහොම සතුටක්.. උඹ කවදා හරි මට උඹේ සිගරැට් බීම නැවැත්තුවා කියලා කිවුවොත් ඒක තමයි මට උඹ වෙනුවෙන් ලබන්න පුළුවන් උපරිම සතුට ....
නවම් මලයා මාත් එක්ක සෑහෙන දේවල් කතා කළා... අපි ඉතිං ආදරවන්තයන්ගෙ ඉස්කෝල දෙකේ නිසා අපට ඕනතරම් දේවල් තිබුණා කතා කරගන්න.. ප්‍රවීන් ඉන්ද්‍රනාම සහෝදරයාත් ඇවිත් ටික ටික කතා කරලා ගියා... ඔන්න ඉතිං ටික වෙලාවකට පස්සෙ අර විරූස් එකේ අයිතිකාරයා (මට අම්බානකට බැනපු එකා) ඇවිත් හිටියා... මම ඉතිං ඒකාට ගිහින් කතා කළා... ඌට ලැජ්ජයි ලු... මට බැන්නට... අනේ ඉතිං අපි අර සුර දූතියෝ දෙන්නා වගේ පිට්ටනිය මැද්දෙ ගහගන්න නං ගියේ නෑ... ඇදලා අරං බදාගෙන මචෝ කියලා කටපුරා කතා කළා... ඔන්න මාව ආයෙ පාරක් ෆ්‍රෙන්ඩ් කරලා ලැජ්ජ නැතුව..
බස් රේඩියෝවෙ කට්ටිය ඉස්පීකරවල සද්දෙ චෙක් කරන්න ගත්ත නිසා අපි උඩට ගිහින් පොඩි වටමේසයක් දාගෙන හිටියා.. පිටස්තරයා මල්ලියි තව තව කීප දෙනෙකුයි හිටියා.... අර මාරයාගෙ විවාහෙ ඇත්තක් කියලා දැන ගත්තෙත් ඒ වෙලාවෙමයි... ඒකත් ජයසිරි මංගලම් කිවුවලු.....
ඔන්න ඔහොම දේවල් යන අතරේ බ්ලැක් ‍මෝලියෙක් වගේ මල්ලි කෙනෙක් ඇවිත් ඌ ගෝල්ඩ් ෆිෂ් කියලා කියපි.. අන්න සහෝදරවරුනි ඒ ප්‍රතිරූපයත් බිඳ වැටුනා.. අඩවි රජා මල්ලි නං අඳුන ගන්න අමාරු වුනේ නැත්තෙ ෆේස් බුක් එක පුරාම ඇඩ් දාලා හිටපු නිසා ඒ වගේ ඩයල් එකක් ඕන කුණුගොඩක අඳුන ගන්න පුළුවන් වෙන්න මතක තිබුණ නිසා. හැබැයි ඒකව කඩේ යවපු එක නං වැරදියි.... මොනවා වුනත් නමට හරි රජෙක් නේ....
දවල් කන අතරේ අර ගෑණු ළමයි දෙන්නෙක් ගහ ගත්තා කියලත් ආරංචියක් ආවා... ලැජ්ජයි කියන්නෙ ලැජ්ජයි.... කට්ටිය ඒ ගැන ලියලා තියෙන නිසා මොනවත් ලියලා වැඩක් නෑ.. හැබැයි නංගිලා... බ්ලොග් එක කියන්නෙ ජීවිතේ නෙවෙයි... අහක යන බ්ලොග් එකකට දෙන්නෙක් ගහ ගන්නවා නම් තමුන්ගෙ මානසිකත්‍වය මොකද්ද කියලා ආපහු හැරිලා බලන එක හොඳයි...
ඉතිං අපිත් බනිස් කෑවා.. මාරයා නං හිටියෙ නිකං ඉතියෝපියාවෙන් ආපු එකෙක් වගේ.... බනිස්ම හයක් කෑව නෙ... තව බනිස් අතගාන්නත් කතාකළා මතකයි... වඩිවේලු අයියත් පොලීසියෙන් බේරිලා කැමරාවකුත් මානගෙන මානකොකා වගේ පින්තූර ගත්තා මතකයි... හැබැයි කැමරා තිබුණ ගාණට ඒ ගැන වාර්තා වෙච්ච පොටෝ ගාන නං මදි.... අවුරුදු කුමාරයා තේරීම සහ ජනගායනා නම් පංකාදු පහට තිබුණා.. ඒකෙ ගතිය වැඩිකළ ඕනයාට මගේ උපහාරය... ඔන්න ඔහොමයි කෙරෙන්න ඕන... ලබන වතාවෙ නිවේදන කටයුතු ඕනයාට බාර දිය යුතු බව මම යෝජනා කරනවා.
ඉතිං මේ සියල්ල මැද්දෙ මටත් අවස්ථාවක් ආවා සයිබරයේ හීන කුමාරිට තොප්පිය දාන්න.. ඒ වැඩේට මාව සෙට් කළ එකාට ස්තුතිවන්ත වෙනවා..  ඒත් කෝ යකෝ ඒ පොටෝ එක ?
ඔන්න ඔහොම අවසාන වුන අවුරුදු සැණකෙළියෙන් සමු අරන් සංතෝසෙන් ගෙදර ආවා... ඒකට ගිය එක ගැන නම් මම බොහොම සතුටු වෙනවා... ඉතිං ආයෙම දවසක හමු වෙමු..... නම් ලියැවුනේ නැති කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕන... දැං අපි වයසට යනකොට අමතක වීම් වැඩියි නෙ...
පින්තූර අනිත් අයගෙන් බලා ගන්න... මම පොටෝ මෝලක් ගෙන ගියේ නැත...
ඉතිං අඩුපාඩු සහ ගුණ දොස් ඉදිරියේදි ඇහෙන්න කියවන්න ලැබේවි... මම දැකපු අඩුපාඩුවකට තිබුණෙ සද්දෙ පාලනය ගැන පොඩ්ඩක් අවධානය යොමු නොකිරීම සහ එතැනට ආපු සියල්ලන් එකිනෙකා හඳුන්වාදීමට අවස්ථාවක් නොලැබීම. අපි බ්ලොග් ලිවුවට අපි හැමෝම සමාජශීලී නොවෙන්න පුළුවනි. ඒ නිසා හොඳ-ජනප්‍රිය බ්ලොග් එකක් ලියන කෙනෙක් වුනත් ඉදිරියට එනවා අඩුයි... නමුත් අපි හැම දෙනාටම තමන්ව අනිත් අයට හඳුන්වාදෙන්න කියලා අවස්ථාවක් දුන්නා නම් ඒක ලොකු දෙයක් වෙනවා. මම කියවපු බ්ලොග්වල හමු වෙන්න ආසකරන අය සමහර අය එතැනට ඇවිත් තිබුණා කියලා මම දන්නෙත් ෆේස් බුක් එකේ ෆොටෝ දැක්කාම....


10 comments:

  1. මේ ලිපි කියවද්දි නම් එන්න බැරි වුනු එක ගැන පොඩි කණගාටුවක් ඇති වෙනවා. මක් කරන්නද, ඊ ලගපාර එන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා මිසක්කා.

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර එන්න..
      මම බුද්ධි හම්බවෙන්න බලාපොරොත්තුවෙන් හිටියෙ... පින්තූරයක් හෝ කීපයක් ඇඳගන්න...
      අපි ඒ ගැන පස්සෙ කතා කරමු...

      Delete
  2. Replies
    1. ඊ උ ඌ එ ඒ ඔ ඕ ඓ ඖ..

      Delete
  3. කෝ මගේ කමෙන්ටුව!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ උඩ

      Delete
  4. මගේ කමෙන්ටුව නැද්ද ඉ කියලා දැම්මෙ ටැස් කමෙන්ටුවක්.... දැන් මේකත් පබ්ලිශ් නොකර අරක ස්පෑම් ගොඩේවත් ඇද්ද බලන්ඩ....

    ReplyDelete
    Replies
    1. වැරදිලා පබිලිස් විය

      Delete
  5. අන්න එහෙම එන්ට.... දැන් පබ්ලිෂ් කරපු ඔක්කොටම උත්තර දෙන්න ඕනැ.... අපි නම් එහෙමයි... කවදාවත් රසිකයෝ අතරමං කරන්නෙ නෑ :D :P

    ReplyDelete
    Replies
    1. රසිකයො කෙසේ වෙතත් රසිකාවියො නං අතරමං කරන්නෙ නෑ...

      Delete