Wednesday, January 9, 2013

2012 ජනවාරි 10 : රිෂානාගේ මරණය සහ ෂරියා නීතිය : බුදුන් වහන්සේ, ක්‍රිස්තූන් සහ අල්ලා දෙවියෝ............


රිෂානා මියගොසිනි. ඇයව අඩු වයසින් අරාබියේ රැකියාවට යැවීමට සිදු වූ ඇගේ දෙමාපියන්වත්, ඈට හොර උප්පැන්න සහතික, හොර පාස්පෝට් තනා ඇයව අරාබියට යැවූ ඒජන්තවරයාවත්, ඇයවත් නොසිතූ අන්දමට ඇය මෙළොව හැර ගියේ ඈ නොකළ වරදකටය. වරද කොතැනදැයි සෙවීම අදාල අංශ වලට භාර කරමු... අද මා කතා කරන්නේ නොකළ වරදකට හෝ සිදු වූ අතපසුවීමකට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද යන කාරණය පිළිබඳවයි. මේ ලිපිය අනිවාර්යයෙන්ම ආගමික සහ ජාතිවාදී මුහුණුවරක් ගන්නා බව පැවසිය යුතුමය... මක් නිසාද යත් ඇය මරා දැමුණේ මුස්ලිම් ආගමානුකූල ෂරියා නීතිය යටතේ වීම නිසාය. මේ ලිපියෙන් කිසිවෙකුට නොරිදේ යැයි ද සිතිය නොහැක. මක් නිසාද යත්, කියවන ඔබ අයත් වන විවිධ බුද්ධිමට්ටම් අනුව ඔවුන් මෙය තමන්ට කැමති ආකාරයකට අර්ථකතනය කළ හැකි නිසා වෙනි. මධ්‍යස්ථ මතයක හිඳ, අන්තයකට නොගොස් බුද්ධිය මත පිහිටා තර්ක කළ හැකි අයට පමණක් මේ ලිපියේ සංවාදයන් විවෘත බව කරුණාවෙන් සැළකිය යුතුය. මේ ලිපියට විවිධ වෙබ් අඩවි වලින් උපුටා ගන්නා කරුණු අඩංගු කර ඇත. මා ෂරියා නීතිය හදාරා නැති නිසා ඒ පිළිබඳ ලියැවුන තැන් වලින් උපුටා ගනිමි.
Sharia Law
"Sharia, in its strictest definition, is a divine law, as expressed in the Qur'an and Muhammad's example(often called the sunnah). As such, it is related to but different from fiqh, which is emphasized as the human interpretation of the law. Many scholars have pointed out that the sharia is not formally a code, nor a well-defined set of rules. The sharia is characterized as a discussion on the duties of Muslims based on both the opinion of the Muslim community and extensive literature. Hunt Janin and Andre Kahlmeyer thus conclude that the sharia is "long, diverse, and complicated."
උපුටා ගැනීම  http://en.wikipedia.org/wiki/Sharia
ෂරියා නීතියේ මිනීමැරුමකට දඬුවම් ලබා දීම
උපුටා ගැනීම.
“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)
 ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.
එහිම...
“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු (ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)
 ඉහත අල්-කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.
 1.       මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.    
 2.       දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ. එවැනි ඉඩකඩකට ඉස්ලාමීය නීතියේ කිසිදු ඉඩක් නොමැත.
 3.       වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.
උපුටා ගැනීම අවසන්
අන්වර් මනතුංග වෙබ් අඩවිය. "ජීවිත රක්‍ෂණය සහ ෂරියා නීතිය"
ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්
ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්
මේ අනුව මට වැටහෙන අන්දමට ඉස්ලාමයේ මරණ දඬුවම් දීමට හැක්කේ චේතනීය මිනී මැරුමකට පමණි.  අචේතනිකව හෝ අත්වැරැද්දකින් සිදුවන මරණයක් වෙනුවෙන් දඬුවම් දීමට ෂරියා නීතිය අනුව හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය. මේ දඬුවම් දීම නිසා සමාජය නිවැරදි මඟට පැමිණෙන බව නීතියේ අපේක්‍ෂාවයි.  මේ අනුව රිෂානාට දුන් දඬුවම ෂරියා නීතියට අදාලද යන්න තීරණය කිරීමට දැන උගත් පාඨකයාට භාර කරමි.
මා දන්නා ප්‍රධාන ආගම්වලට අනුව මිනී මැරීම සාධාරණය කර ඇති එකම ආගම මුස්ලිම් ආගම පමණි. බුද්ධාගමේ සියළු සත්ත්‍වයින්ට මෙත පතුරන්නැයි පැවසෙද්දී, කිතුනු ආගමේ පවසන්නේ තමන් තමන්ට ආදරය කරනවා සේම අසල්වාසීන්ට ද ප්‍රේමවන්ත වන ලෙසයි. තමා වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ ජීවිතයට බැවින් ඒ හා සමානවම අනුන්ට ද මෙත පතුරන ලෙස කිතුණු දහමේ ද කියැවේ. මේ කිසිම ආගමක මැරීම අනුමත නොකරයි. මේ ආගම් දෙකෙහිම පැවසෙන්නේ සතුරාට වුවද මෛත්‍රිය කරන ලෙසයි. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සෑම ආගමකම පුනපුනා කියා දෙයි. තමන් වහන්සේට කුරුසියේ ඇණ ගැසූ පුද්ගලයනට පවා අනුකම්පා කරන්නැයි ක්‍රිස්තුස් වහන්සේ පවා පවසා ඇත.
You shall not murder යනුවෙන් දසපණතේ හැඳින්වෙන්නේ ද ඒ හේතුවම නිසාය...
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ලෙසින් පළමු සිල්පදය යෙදෙන්නේ කෙනෙකුගේ (හෝ සතෙකුගේ) ජීවිතය අන් සියල්ලටම වඩා වැදගත් වන නිසාය. මේ අයුරින් මේ ප්‍රධාන ආගම් දෙකෙහිම අන්‍යයන්ට මෛත්‍රිය කිරීම පිළිබඳ පැහැදිළිවම දක්වා ඇති අතර ප්‍රාණඝාතය පවක් බව පැහැදිලිවම දක්වා ඇත.
බොදුනුවන් ද මස් මාංශ අනුභව කළත්, නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මස් මාංශ ශරීරයට අවශ්‍ය නොවන බව දැන් දැන් පිළිගැනෙමින් පවතී.  මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මස් මාංශ ජීර්ණය සඳහා සැකසී නොමැත. කිසිදු මනුෂ්‍ය ජීරණ පද්ධතියක් මාංශ භක්‍ෂණය සඳහා අනුවර්තනය වී නොමැත. සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සහ සමහරවිටක කම්මැලිකම නිසාම ඉපැරණි මිනිසා සතුන් මරා මස් අනුභව කරන්නට ඇති වුවත්, නූතන මිනිසාට මාංශ භක්‍ෂණයේ කිසිදු විද්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැත. එසේම ශරීරයට අත්‍යවශ්‍ය සංඝඨක සියල්ල නිර්මාංශ ආහාර වේල්වලින් ලබාගත හැකි බව දැන් දැන් ඔප්පු වීගෙන යමින් පවතී. මාංශ භක්‍ෂණය අධික වූ බටහිර රටවල් පවා දැන් දැන් නිර්මාංශ අනුභවයට නැඹුරු වෙමින් පවතී.
නමුත් මුස්ලිම් ආගමේ සත්ත්‍ව ඝාතනය අනුමත කරන්නේ කුමක් නිසාදැයි අල්ලා දෙවියන් පැවසූ නිසා හැරෙන්නට සහේතුකව පැහැදිළි කිරීමට හැකිද ?
බොහෝ දෙනා තමන් විශ්වාස කරන දෙවියන් අදහති. එය තම තමන්ගේ අයිතියකි. බෞද්ධාගමිකයින් ද බුද්ධාගමට අමතරව විෂ්ණු, කතරගම, සරස්වතී, ගණ දෙවියන් වැනි විවිධාකාර දෙවියන් සරණ පතති. තවත් සමහරු සායිබාබා සරණ පැතුවද ඔවුහු අසරණ කර සායි බාබා මෙලොව හැර ගියේය. කතෝලික බැතිමතුන් දෙවියන් වහන්සේ අදහන අතර මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් අදහති.  බුදු දහමේ හේතු ඵලවාදය පදනම්කරගෙන විස්තර කෙරෙන දෑ වෙනත් ආගම්වල දෙවියන් පැවසූ නිසාම බැතිමතුන් අනුගමනය කරති.
ස්ත්‍රී දූෂකයනට සහ චේතනාවක් සහිතව - සැලසුම් සහගතව සිදු කරන මිනීමැරුම් සඳහා මරණ දණ්ඩනය පැණවීම පිළිබඳ බෞද්ධාගමිකයෙකු වුවත් මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එසේ විරුද්ධ නොවන්නේ මිනිසත්බව ලබා උපදින මිනිසෙකු වශයෙන් වෙනත් කෙනෙකු හිතාමතාම අතවරයට පත් කිරීම සහ මරා දැමීම යන කාරණා දෙක මනුෂ්‍යත්වය ඉදිරියේ  සමාව දිය හැකි කරුණු නොවන නිසාවෙනි. මේ මගේ පෞද්ගලික මතයයි.
රිෂානා අතින් සිදු වූ වැරැද්දෙන් ඇය සේවය කළ නිවසේ විසූ සිවු හැවිරිදි දරුවා මරණයට පත් වී ඇත. රිෂානා මරා දැමීමෙන් ඒ දරුවාගේ ජීවිතය නැවත ලැබෙන්නේ නැත. එසේම ඇය මරා දැමීමෙන් ඒ දරුවාගේ දෙමාපියනට සැනසීමක් ලැබේදැයි ද සැක සහිතය. මක් නිසාද යත් තමාගේ දරුවකුගේ අඩුව වෙනත් කෙනෙකු මරා දැමීමෙන් (පලිගැනීමෙන්) පිරිමැසෙන්නේ නොමැති නිසාය.. කෙසේ වුවත් ඇය මිය ගොසිනි. ඇගේ මරණය වෙනුවෙන් ජාති භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි සැවොම ශෝක වෙමු. නමුත්, රිෂානාගෙන් සිදු වූ වැරැද්දට ඇයවත් මරණ දණ්ඩනයට ලක් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකි දැයි මා ඍජුවම ඔබගෙන් විමසීමට කැමැත්තෙමි.

1 comment:

  1. මිනිමැරීම සාධාරණී කරණය කල නුගත් ස්ත්‍රි දූෂක ලමා අපාචරකයෙකු බිහි කල ආගමක අනුගාමිකයින් ගැන කවර කථාද ?

    ReplyDelete