Thursday, October 17, 2013

ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා…..

පිංවත්නි…
අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම  බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්‍යාරක්‍ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් පුන් පෝදා මට කියන්න තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉඟුරු ග්‍රෑම් 20 ක් පමණ.
සීනි ග්‍රෑම් 100 ක් පමණ
යීස්ට් ස්වල්පයක්
තරමක විශාල භාජනයක් ( ලොකු බෝතලයක් නම් අගෙයි)
සිදුරු සිහින් රෙද්දක්
පිරිසිදු ජලය
හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.
සාදන ක්‍රමය:
මුලින්ම ඉඟුරු ග්‍රෑම් 20 හොඳින් තලා තලපයක් සේ සාදා ගන්න.
පෙර කී විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරගන්න. තරමක විශාල භාජනයට ඉන්පසු ජලය මිලි ලීටර 200 ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න.  ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වසා දින දෙකක් පමණ තබන්න. එසේ වසා තබන්නෙ මැස්සන් බිත්තර දැමීමෙන් වලක්වා ගන්න.. නැතිනම් සමහරවිට දිලීර සහ පණුවො බොන්න පුළුවන් වේවි.
දින දෙකකට පසු සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි ග්‍රෑම් දෙකක් සහ යීස්ට් ස්වල්පයක්  බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කළ යුතුය. මේ කාළය තුළ එම භාජනය තුළ දිලීර (පුස්) සෑදී ඇත්දැයි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. එසේ දිලීර සෑදි ඇත්නම් එය වහාම ඉවත දමා තැවතත් අළුත් ද්‍රාවණයක් සාදා ගත යුතුය. ආර්ද්‍රතාවය සහ උණුසුම වැඩි ඝර්ම කලාපීය රටවල මේ තත්ත්‍වය වැඩි වශයෙන් දැකිය හැකි නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මෙසේ දින දහයයක් පමණ ආහාර දීමෙන් පසු, අදාල ද්‍රාවණය බෝතල කිහිපයකට පුරවා බෝතලයෙන් 2/3 ක් පමණ වන්නට ජලය පුරවා හොඳින් වසා තබන්න. බෝතලය තුළ යීස්ට් මගින් සීනි ජීර්ණය වීමේදී කාබන් ඩයොක්සයිඩ් සෑදෙන නිසා බෝතලයේ ඇතුලත පීඩනය අධික විය හැකිය. සමහර විට බෝතල් පුපුරා යාමකට ලක් විය හැකි නිසා මේ බෝතල කාඩ් බෝඩ් පෙට්ටියක දමා නිවසෙන් පිටත තැබීම ශරීරයට සහ නිවැසියන්ට හිතකර වීමට පුළුවන. නමුත් සුවඳට සතුන් මේ කරා ඇදෙන්නත් පුළුවන. ඒ ගැනත් පරෙස්සම් වෙන්න.
සතියක් පමණ මෙසේ තැබූ බෝතල්, නොසොල්වා ප්‍රවේශමෙන් විවෘත කළ යුතුය. මේ වන විට බෝතල අධික පීඩනයක් තුළ ඇති නිසා සෝඩා බෝතලයක් විවෘත කළ අවස්ථාවේ මෙන් පෙණ නැගීමක් දැකිය හැකි වනු ඇත. එවිට පිටතට පැමිණෙන පෙණ සහ බෝතලයේ අඩංගු දෑ සියල්ල වෙනත් භාජනයකට දමා ගැනීමෙන් අපතේ යාම වලක්වාගත හැක.
ginger-beer-concentrate-1
ඉන්පසු හොඳ බයිට් එකක් උයාගෙන, හොඳ මිතුරු සමාගමයක් ඇති විටෙක පානය කිරීමෙන් වා පිත් සෙම් ආදී සියල්ල සමනය වී බාර් හිමියාට වැයවන රුපියල් සිය දහස් ගණනක් නිවසේම ඉතිරි කරගෙන සෞඛ්‍යාරක්‍ෂිත ජින්ජර් බියර් පාවිච්චියේ වාසනාව ඔබට ලැබෙනු ඇත…
ඔබ සැමට සුපින්වත් වප් පුන් පෝයක් වේවා !

Saturday, October 12, 2013

සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent  Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි... ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා... සමහරු තරුණ කාළයේ - මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර - සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම - ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා... නමුත් මේ රෝගය වැළඳුනාට පසුව නැවත ආපසු යනවා බොරු... එසේ ගියත්, ඒ මුල්ම අවස්ථාවෙදි විය යුතුයි. ඒ වුනත් එදා ඉඳලාම ආහාර පාලනයෙන් හෝ මේ රෝගය වැළඳීම නවත්වාගන්න වෙනවා. මේ නිසායි අපි බොහෝ දුරට බොහෝ දෙනාට කියන්නෙ දැන්ම ඉඳලාම ආහාර පාලනය, නිසි ලෙස ව්‍යායාම කිරීම ආදිය සිදු කිරීම මගින් දියවැඩියාව වැලඳීම වලක්වාගන්න කියා. දැනට සිදු කර ඇති සමීක්‍ෂණ ඇසුරින් කියවෙන්නෙ 2020 වනවිට ලාංකීය ජනගහනයෙන් 50% - 65% අතර ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙන්නට හැකි බව.ඒ කියන්නෙ ජනගහනයෙන් (මිලියන 22 කින්) හරි අඩක්. හාමුදුරුවරුන්ට නම් දැන්මම ආහාර වට්ටෝරුවක් නියම කරලා. නමුත් සාමාන්‍ය ජනතාවට එහෙම නියම කළාට කයිද ? එපමණක් නම් මදෑ... දරුවනුත් මේ තත්ත්‍වයට පත් වෙනවා...
ලෝකෙ වටේ කරක් ගහපු මම නැවත ලංකාවට එන්න හේතු වුනෙත් දියවැඩියාව. මට වැළඳීම නිසා නොවෙයි.. මගේ මවට දියවැඩියා තත්ත්‍වය උත්සන්න වීම නිසා. හැමදාම කතා කරද්දි බෙහෙත් ගත්තද ? කෑම හරියට කෑවද කියලා ඇහුවත්, හැමදාම ඔව් කියපු ඇය, කියපු දේ කරලා නැති බව දැනගන්නකොට දියවැඩියා තත්ත්‍වය සෑහෙන ඔඩු දුවලා අවසානයි. මේ නිසාම ඇය තවත් කළක් ජීවත් කරගන්න අවශ්‍ය නිසාම බටහිර වූ දෑ සහ අනාගතය පසෙක ලා නැවත ලංකාවට අප පැමිණියේ අප්‍රේල් මස මුලදී.. දැන් ඇය තරමක් ඔත්පල ව සිටියත්, දරුවන් තුන්දෙනාම ඇගේ ළඟ සිටින නිසා ඇයට සතුටුයි. කොපමණ පෙරැත්ත කළත් සතියකට වඩා කොළඹ නම් ඉන්න ආස නෑ... ඒ දෙන්නගෙම හැටි එහෙමයි.
අපි තුන්දෙනාගෙම සාර්ථකත්‍වය පිටුපස මහා පහන් ටැඹක් වෙලා ඉන්නෙ අම්මයි තාත්තයි. තාත්තා ඉස්කෝලෙ එක්කයි පොළව එක්කයි හැප්පෙද්දි අම්මා හැප්පුනේ අපි එක්ක... අපට ඉදිරිය උදා කරන්න.. අපි කරන කිසිම දෙයකින් අම්මා සෑහීමකට පත් නොවුනෙ අපට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් බව අම්මා දැන හිටි නිසා... අම්මා ජීවත් වෙද්දි මට ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි වීම මගේ ජීවිතයේ ලොකුම සතුටක්...
කොහොම වුනත් දියවැඩියාවේ භයානක කමත්, නිසි ලෙස බෙහෙත් ලබා නොගැනීමත් යන දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසා දැන් ඇය බොහොම අබලන්. මාසෙකට සැරයක්වත් කරාපිටියෙ රෝහලේ 17 වෙනි වාට්ටුවට නොගියොත් වාට්ටුවෙ මිසීලත් බලනවලු මොකද කියලා.. ඇයට ඒ තරම් රෝහල පුරුදු වෙලා.
අම්මා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරියක් නොවුනත්, පාරම්පරිකව හිමි වුන ඖෂධ වට්ටෝරුවක් අනුව ඇය සෙංගමාල රෝගීන් දාහක් පමණ ජීවත් කරවලා තිබෙනවා. සමහරු හොඳ කරන්න අමාරුයි කියා රෝහලින් නිවසට පිටත් කරපු මිනිස්සු... ඒ පිනෙන්ම අම්මා තව දිගු කළක් ජීවත් වෙනවා. ඒත් ඇගේ සෞඛ්‍ය තත්ත්‍වය නම් ඉතින් තරමක් ඉහළ පහල යනවා. සමහර දවසකට බොහොම හොඳයි.. තාත්තා නිරන්තරයෙන්ම ඇය සමඟ සිටින නිසා ඇයට ඒ තරම් අපහසුවක් නැහැ.. දරුවන් වශයෙන් අපි තුන්දෙනාම කළ හැකි සෑම දේම කළත්, නෑයින්ට නම් ඒකත් ප්‍රශ්නයක්. සමහරු දරුවො සළකන්නෙ නෑ නේද කියා මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයගෙන් අහනවලු... තාත්තා මාව වැලැක්වුවේ නැතිනම් ඥාති සබඳතාවයන් එතැනින්ම නවතන්නයි මම නම් සූදානම් වුනේ.. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි. තවත් සමහරු කියනවා නංගිට කරන රැකියාව නවත්වලා ඇය බලාගන්න යන්නලු.. අපේ නංගිට අම්මගෙ කකුලක්වත් හොළවන්න පුළුවන් නම් පුළුවනි..  මේ නිසාම අපි අම්මාගෙ තනියට සහ ගෙදර වැඩකටයුතු බලාගන්න අපේම ඥාති අක්කා කෙනෙක් සහායට ගත්තා. දැන් නම් තත්ත්‍වය සතුටුදායකයි. හැම සති අන්තයේම ඇය බලන්න යන නිසා ඇයටත් සිතට සනීපයි.
ඉතිං මමත් දැන් බොහොම කාර්ය බහුලයි. අළුත් රැකියාවත් සමඟ ගෙදර ඉන්න ඇති වෙලාවත් සීමිතයි. වගකීම් වැඩි වෙනවිට ඉටු කළ යුතු කරුණා කාරණා, බැලිය යුතු වපසරිය ආදියත් වැඩි වෙනවා. මේ නිසාම බ්ලොග් එකට ඇති අවධානයත් අඩු වෙලා. කාලෙකට පස්සෙ අද තමයි යමක් කුරුටු ගාන්නවත් වෙලාවක් ඉතිරි වුනේ.
බ්ලොගය අතරමං කරලවත්, අතෑරලා වත් නෑ.. කෙටුම්පත් කළ ලිපි ගණනාවක් තිබෙනවා... ඉඩ ඇති විදියට සම්පූර්ණ කර පළ කරන්නම්... ඉඳලා හිටලා ඇවිත් යන්න..
බස් රේඩියෝවෙ කළ සංවාදය තවම වැඩකටයුතු අවසාන වෙලා නැති හැඩයි... වැඩ අවසාන වුන පසු බ්ලොගයේ පළ කරන්නම්.. කට්ටියට අහන්න...
මේ ඉන්නෙ ආච්චියි සීයයි කතරගම ගිහින්... මුණුබුරා එක්ක....
_MG_8088
ඉතිං... ගිහින් එන්නම්...
සියක් ආයු ලැබ... මගෙත් ආයු විඳ..... මටත් වඩා කල්... ඔබ ජීවත් වේවා... !

Friday, September 6, 2013

මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න...

maa-aa-maga-piyalදැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ...
මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි...
දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ.... අධික වැඩ....
ඒ මොකද කියලා අහලම බලමු...
එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට... බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු.... පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා....
කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.

Saturday, August 10, 2013

කිරිපිටි බොන්න ඕනමද ?

කිරි තියෙනවද ?
ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide - ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා....
dicyanodiamide
dicyanodiamide
මම කිරිපිටි පානය නවත්වලා බොහෝ කල්. මම උදේට පානය කරන්නෙ වතුර වීදුරුවක් පමණයි. ඉන් පසු පළතුරු යුෂ වීදුරුවක්. ඒ මගේ සහ මගේ පවුලේ දින චර්යාව. උදෑසන තේ එකක් නොබිවුවා කියලා දවස කඩා වැටෙන්නෙ නැහැ.. අපි කාගෙවත්....
කිරි බොන්න අවශ්‍යම නම් හරකෙකුගෙන් දොවා ගත් නැවුම් කිරි උණු කරලා බීම තමයි හොඳම - ඒ මගේ මතය. පිටිකිරිවල තිබෙන්නෙ ඇත්තෙන්ම පෝෂණය අඩු,  විජලිත කිරි. මේ කිරිවලට විවිධාකාර පෝෂණ ද්‍රව්‍ය එකතු කරන්නේ අගය වැඩි කර ගන්න. සමහර වෙලාවට මේ කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරනවා. ඒ තමන්ගේ කිරිපිටිවල පෝෂණ ගුණය අනෙක්වාට වඩා ඉහළින් පවත්වා ගන්න. ඩයිසයනමයිඩ් ගැන ඇත්තෙන්ම ලොකු සොයා බැලීමක් මම කළේ නැහැ. මට ඒ ගැන වෙලාව නැති නිසා. අනික ඉතින් මේ ඕනතරම් දේවල් ලියැවිලා තියෙන්නෙ... කෙසේ වුනත් මගේ මතය නම් අපට කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ. එයින් පොකට්ටුවට සහනයක් ලැබෙනවා පමණක් නොවෙයි, අනවශ්‍ය දේවල් ඇඟටත් හිතටත් වැටෙන්නෙ නැහැ.
සතියක් කිරිපිටි නොබී බලන්න.... සතිය අල්ලගෙන යන්න පුළුවන් නම් තවත් සතියක් යන්න... මාසයක් යද්දි වෙනස තේරෙයි... ඒ ඉතිරි කරගන්න මුදලින් දෙහි ගෙඩි ටිකක්, ලෙමන් ගෙඩි ටිකක් ගෙදර අරන් ඇවිත් උදේට මිරිකගෙන බීලා බලන්න... පොල් කෑල්ලක යුෂ බිවුවත් කමක් නෑ... සමහරවිට  පුරුදු වුනාම හරි යාවි. පුරුදු වීමයි අමාරු....


Tuesday, July 30, 2013

ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි...

පරිසරය - සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර - අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.
මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.
මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.
මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන - විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් - නූගත් සහ විනයගරුක - අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ. 
පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.
අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා - දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම - උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම - ආහාරයට ගැනීම සිදු වේ. එසේම - බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.
කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය - යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.
නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය - වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.
ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය
ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව - ඉහළ වැජඹෙන්නන්ටය.

Friday, July 26, 2013

යකෝ මගෙ සුරේ..... උඹ මාව කෑවා.... (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින - හීනෙන් ටයිප් කරන - හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ ගෙවල්වලට යන - හීනෙන් ඇවිදගෙන ගොස් ශීතකරණයට චූ කරන ආදී හීනෙන් යන ප්‍රශ්න මටත් තිබෙන නිසාම.. කොහොම ඇඳට ගියා දැයි මමම දන්නේ නැතියැ..හීනය කොයි වෙලාවේ දැක්කා දැයි නිනව්වක් නැතියැ. සිදුවීම මෙසේ යැ.මම ඒ වෙලාවේ හිටියේ අරලියගහ මන්දිරයේයැ. මම ඒ වෙලාවේ හිටියේ මහින්ද අයියා ලඟමයැ. අපි දෙන්නා කුමක් හෝ බරපතල යමක් ගැන කතා කරමින් සිටියෙමුයැ. ඇල්කෙමිච්චි සහ පැටියා හිටියේ ශිරන්ති අක්කාගේ කාමරයේයැ.ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ. අපි ඒ තරමට සමීප පවුල් දෙකක් බවට පත් වී සිටියේ කෙසේදැයි මටම හිතාගත නොහැකි වියැ.Sri Lanka's President Mahinda Rajapaksa speaks during a meeting with foreign correspondents at his office in Colomboඔය අල්ලපනල්ලේ මහින්ද අයියාගේ අතේ තිබුණ සුරය කෙසේ හෝ මගේ අතට ඇවිල්ලා තිබුණේයැ. මමත් මේ සුරය සමඟ සෙල්ලම් කරමින් නොදැනුවත්වම ඒක මගේ නළලේ අතුල්ලාගෙන ඇත.. (අම්මපා මටත් වෙන වැඩ නැති හැටි. - හීනෙන් වුනත් මහින්ද අයියගේ සුරේ මගේ නළලෙ අතුල්ලා ගන්න.....)


මහින්ද අයියාට මළ පැන්නේ මෙන්න මේ වෙලාවේය...

"යකෝ මගේ සුරේ.." මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්‍රැගන් වෙත පනින ක්‍රවුචින් ටයිගර් කෙනෙක් මෙනි...president_mahinda_rajapaksa"කෑවා... කෑවා... ශිරන්තිටවත් අල්ලන්න දුන්නෙ නැති සුරේ, " කියමින් මහින්ද අයියා සුරේ අල්ලා පොලවේ ගැසුවේයැ.

සුරේ අම්බ්‍රෙල්ලා පවුඩර් වී ගියේයැ....

සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ...මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ... නැත නැත.... ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි...

"බුදු අයියේ... මම හිතලා කර දෙයක් නෙවෙයි..... සමාවෙන්න... මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා... ඒකයි නළල කැහැවුවෙ....."

"මලේ... උඹ හින්දා සමාව දෙනවා... වෙන එකෙක් නං දනී කරන දේ... හරිය ?."

"හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?"

"හැහ්...හැහ්.. උඹ ඒකවත් දන්නෙ නැතෙයි ?" මහින්ද අයියා සුපුරුදු දකුණෙ බාසාවෙන්ම ඇසුවේයැ.sri-lanka's-president-mahinda-rajapaksa-smiles-during-a"යකෝ... මේ තියෙන්නෙ හෘද සාක්කි.. බං. හෘද සාක්කි."


"අහවල් එකාලගෙයි ?"

"අනේ...තොත්ත බබා...... උඹ ඒකවත් දන්නෙ නැ‍තෙයි ?""මොකෝ අනේ හිනාවෙන්නෙ හීනෙන් ? "

"අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?"

"මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර...."

"මේ.... මම ම ද ?"

"ඔව් ඔව් වදේ... ඔයාම තමයි... වෙන කවුද ?"

"මල ඉලව්වයි..... ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා.... හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්...."

අනේ මේ...නැගිටලා උදේට උයන්න පොල් ටිකක් ගානවා... මගුල් දේශපාලන වැඩසටහන් බලලා නිදාගෙන... මෙතන එනවා විකාර කතා කරන්න.....

Wednesday, July 24, 2013

දයා සිරි - ඔයා හරි

හිතවත් දයාසිරි,
හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ.  පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට වලි දැම්මා තමයි. ඒ පක්‍ෂය දියුණු කිරීම කියන බැටළුහම පොරවගෙන තමුන්නාන්සෙට තැනක් ගන්න තමයි කියලා දන්න මිනිස්සු දන්නවා. රනිලුත් දන්නවා - මහින්දත් දන්නවා. ඒත් අපේ ජරා ගතියට ඒ කිසිම දෙයක් නොදන්න ගානට අපි ඉන්නවා. ඕකම තමයි අපට කෙළවෙන්න ප්‍රධාන හේතුව. තමුන්නාන්සෙට ඔතැන කිසිම තැනක් ලැබුණෙ නැති නිසා දවසක් හොටු පෙරාගෙන ඇඬුවත් නෙ... ඒ ඔක්කොම දැන් ඉවරයි.
මෙච්චර කලක් තමුන්නාන්සෙ ආණ්ඩුවටයි මහින්දටයි පලු යන්න බැණ බැණ හිටියා. දැන් තමුන්නාන්සෙ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න කියලා කොහොම කොහොම හරි ආණ්ඩුවට ගොඩ වුනා. තමුන්නාන්සෙ හරි. එජාපෙ කියන ගිලෙන නැවේ ඉඳගෙන ආතක් පාතක් නැතුව ඉන්නවට වඩා, කෝටි විසිපහකට ආත්ම ගරුත්‍වය පාවා දුන්නා කියන ලේබලේ ගහ ගත්තත්, පලාබබා මැතිවරණෙ ආවම තමුන්නාන්සෙට බැණපු එවුන්ම මල් මාලා දාලා පිළිගන්නවා. අපේ හැටි එහෙමයි අනාගත මහ ඇමතිතුමා... අපේ එවුන්ට ලැජ්ජාවක් නෑ.. උන් ලැජ්ජ බිමින් තියන්න හරි දක්‍ෂයො..
ඉතිං තමුන්නාන්සෙ කීයක් අරන් ගියත්, මට නං ඇති ලබ්බක් නෑ... තමුන්නාන්සෙට සල්ලි ලැබුණද, බලේ ලැබුණද අරවා - මේවා ලැබුණද මට සත පහක් හම්බ වෙනවා කියලා යෑ.. ඔන්න අයියට නං මොනවා හරි සෙට් කරගන්න පුළුවන් වේවි.. පුළුවන් නං මොනවා හරි කරලා දෙන්න.. මම දන්නවා ඒ මනුස්සයා තමුන්නාන්සෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. අමතක කරන්න එපා..
තමුන්නාන්සෙ මොනවා කළත් සාමාන්‍ය මිනිහට සෙතක් නෑ,..තමුන්නාන්සෙ ඔතැනට ගියා කියලා බඩු මිල අඩු වෙනවයෑ... තමුන්නාන්සෙ නඩත්තු කරන්න තව ටිකක් වැඩි වෙන එක විතරයි... අපටමයි කෙළවෙන්නෙ... තමුන්නාන්සෙ කරගන්න දෙයක් තමුන්නාන්සෙට. තමුන්නාන්සෙ විතරක් නෙවෙයි, ඔය දියවන්නා මඩ වගුරෙ ඉන්න 225 හෙන්ම අපට කිසිම සෙතක් නෑ. උන් ඔක්කොම කරන්නෙ උන්ටයි උන්ගෙ හෙංචයියොන්ටයි කොරන එක තමයි. උන්ට හේත්තු වෙලා ඉන්න කල් කිසි ප්‍රශ්නයක් නෑ... මොනවා කළත්, නීතියක් රීතියක්, සදාචාරයක් ආත්ම ගරුත්‍වයක්, හෘදය සාක්‍ෂියක් - ලැජ්ජාවක් කියන කාරණා උන් කිසිම කෙනෙකුට අදාල නෑ...
ඔයා හරි දයාසිරි...
ඔයා හරි දයාසිරි...
ඉතිං තමුන්නාන්සෙ - තමුන්නාන්සෙගෙ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණය හරියටම හරි. බුදු හාමුදුරුවෝ හරි යේසුස් වහන්සෙ හරි දේශපාලනයට ආවත් - දූෂණය, භීෂණය, ට අහු වෙන මේ සිස්ටම් එකේ පැවැත්මක් තියෙන්න නම්, හෘදය සාක්‍ෂිය බල්ලට දාලා, ලැජ්ජා නහරය කපා දමලා, මට මතක නෑ ඕයි තියරිය දාගෙන ඉන්න ඕන.. තමුන්නාන්සෙගේ ගුරුතුමා වගේම, තමුන්නාන්සෙත් ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මට දුක ඊයෙ වෙනකල් තමුන්නාන්සෙ රටටම කොලේ වහලා අද මාරු වෙච්ච එක ගැන... ඇත්තටම තමුන්නාන්සෙට ලැජ්ජාවක් කියලා අළුක්කාලක්වත් ඇඟේ ගෑවිලාවත් තිබුණෙ නැද්ද අම්මපා ?
ඉතිං තමුන්නාන්සෙ අද ඉඳලා සත් ගුණවත් සන්ධාන දේශපාලන‍ඥයෙක්, හැබැයි තමුන්නාන්සෙට ලොකු ලොකු දූෂණ චෝදනා ගෑවිලා නැති එක ගැන මම ටිකක් ගරු කරනවා. නමුත්, තමුන්නාන්සෙ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ රෙකෝඩ් එක තියා ගනීවිද කියලා සැකයක් තියෙනවා. මොකද කියනවා නම් ඔය විපක්‍ෂෙ ඉන්දෙද්දි තියෙන මොළෙයි කොන්දයි දෙකම හැමෝම ආණ්ඩුවට ආවට පස්සෙ ගෙදර තියලා එන නිසා. දැන් බලන්න ආපු කට්ටිය කෙළින පිස්සු... උන් විතරක් නම් මදෑ.. උන්ගෙ දරුවොත් පිස්සු නෙ කෙළින්නෙ.
දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සන්ධානෙ ඉන්න 95% ක්ම ලොකු ලොක්කෝ ටික ඔරිම ජිනල් යූ ඇන් පී  කාරයෝ වීම.. ඒ විතරක් නෙවෙයි උන් ඔක්කෝම ලොවෙත් නැති පිස්සු කෙළීම... එක වෙලාවකට හිතෙනවා මේක රනිල් කාරයාගෙ ගේමක් ද කියලත්. මොකද කියනවා නම් ඉන්න ගොබිලෝ ඔක්කොම සන්ධානෙට එවලා - උන්ට කියලා පිස්සු කෙළවලා - රජය ජනතාව අතර අපකීර්තියට පත් කරවලා - ආණ්ඩුව පෙරළලා දැම්මාම... අර ඉස්සර යූ ඇන් පී එකෙන් ආපු සෙට් එක ආයෙම යූ ඇන් පී එකට යනව නෙ.. මොකද තමුන්නාන්සෙලා රෙදි ඇඳගෙන නෙවෙයි නෙ ඉන්නෙ.. ඔය සෙට් එකටම ආපහු හැරිලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඉතිං මට හිතෙන්නෙ නම් මේක රනිල් ගෙ දීර්ඝකාලීන සැලසුමක් ( සිංහල වචනෙ අමතක නිසා Long Term Plan කියලම කිවුවා...) හැබැයි Sexual harassment එකක් කියලා නම් කියන්න අමාරුයි.... මොකද තමුන්නාන්සෙට ටික දවසකින් තේරෙයි යූ ඇන් පී  කාරයෝ තමුන්නාන්සෙට ඇරපු ඇරිල්ල හොඳයි කියලා. මොකද ඔය සන්ධාන කාරයෝ අරින ඇරිල්ලට අහු වුනොත් ඉතිං ආයෙ වැරදිලා  පුක හෝදගන්නවත් ගඟක මූදක බහිනවා බොරු.....
ඉතිං දයාසිරි, ඔයා හරි.... ඔයා හරි කියන්නෙ ඔයා ඔයාගෙ පැත්තෙන් හරි...
හැබැයි ඔයා හරි වුනා කියලා අපට සොරි වෙන එක නවතින්නෙත් නෑ... මෙච්චර කලක් ඔයා ජොනියට බැණ බැණ හිටියා.. දැන් ඔයයි ජොනියයි දෙන්නා එකට ජොනි වෝකර් එකක් ගහයි... දේශපාලනේ හැටි ඔහොම තමයි කියලා දෙන්නම හිනා වෙයි... ඔයාට දැන් අඩු ආචාර්ය උපාධියක් විතරයි... ඒකත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට කිවුවා ම සෙට් කරලා දෙයි.. එතුමත් කියලා තිබුණෙ තමුන්නාන්සෙ ආණ්ඩුවට එනවා නම් එතුමත් සතුටුයි කියලා.. දැන් දෙන්නට ඩුවට් එකක් කියලා සී ඩී එකක් කරන්නත් පුළුවන් වේවි... විෂුවල්ස් වලට පබායි රෝසියි ගන්න... හැබෑට දැන් ඒ මනුස්සයට මොකෑ වෙන්නෙ ?
ඉතිං දයාසිරි, ඔයා විපක්‍ෂෙ ඉන්දෙද්දි ජනතාව වෙනුවෙන් කරපු අරගලේ ආණ්ඩු පක්‍ෂෙ ඉන්නකොට වඩා හොඳට කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර කියපු බඩු මිල අඩු කරන කතා, යහපාලනේ, ආදී ලොකු ලොකු කතා... මතකද මන්දා..
මට නං කියන්න තියෙන්නෙ එකම දෙයයි...
දයා    සිරි
ඔයා  හරි
අඬනු බැරි
අපට සොරි.