වසරේ කලින් කලට - විශේෂයෙන්ම වැසි කාලයකට පසු හිස ඔසවන වඩාත්ම දරුණුතම ප්‍රශ්නය නම් ඩෙංගු මදුරුවන් බෝ වීමේ ප්‍රශ්නයයි. ආණ්ඩුව කට කැඩෙන කල් කිවුවත්, අපේ මහජනතාව තමා අවට පරිසරය පිරිසිදු කර ගන්නේ එක්කෝ ආණ්ඩුවෙන් දඩ ගසන බවට නීතියක් පැණවූවොත් හෝ අහල පහල එකෙකු දෙන්නෙකු ඩෙංගු වලින් මිය පරලොව ගියහොත් පමණකි. ඒ අපේ කට්ටියගේ හැටිය.
අපේ කට්ටියගේ හැටි දන්නා ආණ්ඩුව ද, කලින් කලට ඩෙංගු ප්‍රශ්නය මතක් වී යමක් කළ යුතු බව සිතා එක් එක් විද්වතාගේ යෝජනා අනුව එක් කලෙක බිමින් පැමිණ BTI බැක්ටීරියාව ඉසින අතර තවත් වරෙක උඩින් පැමිණ ඉසීමට කල්පනා කරයි. BTI බැක්ටීරියාව නමින් හැඳින්වුවත් මේ කුමක්දැයි නොදන්නා පිරිස දන්න පිරිසට වඩා බොහෝ සෙයින් අධිකය. මේ නොදන්නා අය දැනුවත් කිරීමටත් දන්නා අයට තමන් දන්නා තරම කුමක්දැයි අවබෝධ කිරීමටත් සැකසෙන ලිපියකි. මෙහි අතහැරුණ යමක් ඇතොත් එයට එක් කිරීමට ඔබට අයිතියක් ඇත. අවසානයේ සිදුවිය යුත්තේ අප සියල්ලන්ගේම දැනුම එක තැනකට පැමිණ ජනතාව දැනුවත් වීම සහ අදාල ව්‍යසනයෙන් බේරීමයි. මා හිතන්නේ එහෙමය.
BTI බැක්ටීරියාව යනු කුමක්ද ?
BTI යනුවෙන් කෙටි වහරෙන් හඳුන්වා දෙන්නේ Bacillus thuringiensis israelensis නම් වූ, විවිධාකාර මදුරු විශේෂයන්හි කීටයින්ගේ ආහාර මාර්ගයේ ස්වභාවිකව වැඩෙන බැක්ටීරියා විශේෂයකි. මෙම බැක්ටීරියාව ලොවට හඳුන්වාදීම පිළිබඳව ඉතා සිත්ගන්නාසුළු වාර්තාවක් ඇත. 1975-76 වසරවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම මත මදුරු විශේෂයන්හි කීටයන් තුළ වර්ධනය වන ක්‍ෂුද්‍රජීවීන් පිළිබඳ ව්‍යාපෘතියක් සංවිධානය විය. මෙම පර්යේෂණයේදී මදුරු කීටයනට අධික විෂ සහිත පැක්ටීරියා විශේෂයක් හඳුනා ගැණුනි. මෙය පසුව israelensis නම් බැක්ටීරියා විශේෂයක් බවට හඳුනා ගැණුනි. ඒ නිසා මෙම බැක්ටීරියාව Bacillus thuringiensis israelensis ලෙසින් නම් කෙරිණ. මෙම බැක්ටීරියාව එකතු කරගන් ලැබූවේ ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයේ මදුරුවන්ගේ සිරුරු තුළිනි. මෙම බැක්ටීරියාව විශේෂයෙන්ම පියාපත් දෙකක් පමණක් ඇති කෘමි විශේෂ (Diptera) සඳහා විෂ සහිතවන බව සොයා ගැණුන නිසා නිලමැස්සන් සහ මදුරුවන් වඳ කිරීම සඳහා මෙය යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයක් ගන්නා ලදී. මෙය වෙළඳපලට එක් කිරීමට ඉන්පසුව හැකි විය. මේ බැක්ටීරියා භාවිතයේ සුවිශේෂී වාසිය වන්නේ වෙනත් සත්ත්‍ව විශේෂ වලට එතරම් බලපෑමක් සිදු නොවීමයි.
BTI බැක්ටීරියාව මදුරු කීටයන් තුළ ක්‍රියාකාරී වන්නේ කෙසේද ?Bti බැක්ටීරියා වර්ග තුළ pBtoxis නම් වූ ප්ලාස්මිඩ වර්ගය ඇත. මේ ප්ලාස්මිඩ විසින් විවිධාකාර විෂ වර්ග තනනු ලැබේ. මේවා Cry සහ Cyt toxins ලෙස හැඳින්වේ.මේවායේ වර්ග රාශියකි. Cry4, Cry10, Cry11, Cyt1 සහ Cyt2 යනුවෙන් ඒවා නම් කෙරේ. මේ විෂ වර්ග ස්ඵටික ලෙස බැග්ටීරියා තුළ සැකසී එකතු වේ. මෙම ස්ඵටික මදුරු කීටයාගේ ආහාර මාර්ගයේ සෛල තුළට ඇතුළු වූ විට සෛල බිත්ති තුළ සිදුරු හට ගනී... එමගින් කීටයා විනාශ වේ.