Showing posts with label ලිංගිකත්‍වය. Show all posts
Showing posts with label ලිංගිකත්‍වය. Show all posts

Thursday, February 7, 2013

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි... ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න...


නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න...
නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න...

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි.... ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..
පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්... කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිබෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට...
ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිබෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිබෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම - බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (foreplay) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.
මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය - Monogamous)   පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි.  එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.
ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්... ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු... ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ...
කරනව නං ඔන්න පර්යේෂණ.... !

Tuesday, October 30, 2012

2012 ඔක්තෝබර් 30 : ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් !!!! විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය අපට දැනෙන්නේ ලංකාවම සමාජ රෝගීන් වූවාට පසුද ?


ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය පිළිබඳ මම මගේ බ්ලොග් අඩවිය තුළින් කතා කළේ මීට බොහෝ කලකට පෙර. ඒ ලිපියට මෙතැනින් යන්න. අද Daily Mirror  පුවත්පතේ තිබූ මේ ප්‍රවෘත්තිය දුටුවාම මට ඇති වුනේ ඇත්තෙන්ම කණගාටුවක්. එයින් කියැවුනේ  ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් සිදු වන බව... මෙය ඇත්තෙන්ම මිනීමැරුම් 250,000 ක් කිරීමක්. එනම් සමූලඝාතනයක්... පුවත්පතට අනුව දිනකට ගබ්සා 700 ක් ලංකාව තුළ සිදු වෙනවා ලු. ඇත්තෙන්ම මෙය අදහන්න පුළුවන් ප්‍රවෘත්තියක්ද කියලා මුලින්ම සිතා බලන්න අවශ්‍යයි. ගබ්සා 700 ක් දිනකට සිදු වනවා කියන්නේ තරුණියන් 700 ක් දෙනෙකුගේ අනාගතයේ අවිනිශ්චිත භාවය. හිතන්න....
ගබ්සාවක් කරන්නෙ මෙහෙමයි.

මේ තරුණියන් බොහෝ දෙනෙකු අනාගතයේ විවාහ වී දරුවන් ලැබ සිය පරපුර තවත් කාළයක් ගෙන යා යුතු පිරිසක්. මෙසේ ගබ්සා (එකක් හෝ වැඩි ගණනක්) කිරීම මගින් විනාශ වන්නේ ඔවුන් පමණක් නොවෙයි -ඔවුන් අනාගතය වෙනුවෙන් රැකගත යුතු මතු පරපුරයි. මතු පරපුර රෝගීන් වන විට රටේ අනාගතයට සිදු වන්නේ කුමක්ද කියා වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම නමින් ලිපියක සඳහන් කළා. මේ තත්ත්‍වය ගැන කෑ මොර දෙමින් ගබ්සාව නීතිගත කිරීම හෝ නොකිරීම කළ යුතුද යන්න ගැන විවාද නොකර අපි කළ යුත්තේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමයි. ගබ්සාවට වඩා ගබ්සාව සිදු කිරීමට මුල් වන හේතුව වන අනාරක්‍ෂිත ලිංගික සබඳතා වැලැක්වීමට අප කටයුතු කළ යුතුයි.
මතක තියාගන්න... මේක දාන්නෙ කෙසෙල් ගෙඩිය වගේ එකට.... කෙසෙල් ගෙඩියකට නොවෙයි...

නාරිවේදය පිළිබඳ අමෙරිකානු සඟරාවක (Obstetrics and Gynecology) පළවන පර්යේෂණයක ප්‍රතිඵල අනුව සැකසුන මේ ලිපියෙන් කියැවෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ තරුණියන් අතර උපත්පාලන පෙති සහ උපත්පාලන කොපු නොමිලයේ බෙදා හැරියහොත් ගබ්සා සිදු කර ගැනීමේ ප්‍රතිශතය පවතින තත්ත්‍වයෙන් 40% - 71% ක් අතර ප්‍රමාණයක අඩුවීමක් සිදු විය හැකි බවයි. මේ පර්යේෂණය සඳහා පර්යේෂකයින් විසින් මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලුසියා (St. Louis) ප්‍රදේශයේ වෙසෙන නව යොවුන් වියේ තරුණියන් (14-15) සහ වැඩුනු ගැහුණුන් 9000 ක් අතර ඉතා විශ්වාසදායී උපත් පාලන ක්‍රම ( පෙති, ලූප, සහ තවත් පහසු උපත්පාලන ක්‍රම) නොමිලේ  බෙදා හැර තිබෙනවා. ඒ අනුව ඔවුන් අධ්‍යයනය කර ඇත්තේ මේ කාණ්ඩයේ පිරිස අතරින් සිදු වන ගබ්සා ප්‍රමාණය 62% - 78% දක්වා ප්‍රමාණයක් අඩු වී ඇති බවයි.
ඔවුන්ගේම වදන් වලට අනුව නොමිලේ බෙදා හැරෙන උපත්පාලන උපකරණ නිසා සමාජයට සිදුවන යහපත සැලසුම් නොකළ ගැබ්ගැනීම් වැලැක්වීමට වඩා ඔබ්බට යන කාර්යයක්. ඒ අනුව උපත්පාලන උපයෝගීතාවය නිසා සහ ඒ හා සමගාමීව සිදු වෙන ලිංගික අධ්‍යාපනය හරහා අදාල නියැදියේ ගබ්සා ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සමත්වූවා පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්‍වය ද චරිත ස්වභාවය ද ඉහළ දැමීමට සමත් වූ බව පවසනවා. වසර 2006 -2008 අතර ඇමරිකාවේ සිදු වූ පිළිසිඳ ගැනීම් වලින් 49% ක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව මේ තරම් දියුණු, සංස්කෘතිකව ඉතාම විවෘත ප්‍රතිපත්ති ඇති රටක් වුවත් සිදුවෙන අනාරක්‍ෂිත ලිංගික සබඳතා නිසා මේ ගැබ් ගැනීම් සිදු වනවා.
ගබ්සාවන් නිසා ඔබ මිය යාමේ අවදානම 100%ක්... අමතක කරන්න එපා

ලංකාවේ අවාසනාවකට සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. මුලින්ම මිනිසුන්ගේ ලිංගික නිදහසට වැටී ඇති තහංචි.... ආගමේ සහ සංස්කෘතියේ නාමයෙන් මිනිසුන් හිර කර තබා ඇති බව මගේ වැටහීමයි. ඒ නිසාමයි පන්සලට ගියත් තරුණියන්ගේ අඟ-පසඟ ගැන බලන තරුණයන් අප අතර ඉන්නෙ. ඒ නිසාම තමයි "කර්ම" වැනි චිත්‍රපටයක විඩිහිටියන්ට පමණයි යන තේමාව අනුව චිත්‍රපටය නරඹන්න ගොස් බොහෝ දෙනා අපේක්‍ෂා භංගත්‍වයට පත් වෙන්නෙ. ඒ වගේමයි ඕනම මාතෘකාවක් කුමක් හෝ ලිංගික තේමාවක් ඔස්සේ කතා කළවිට එය බලන්නට කියවන්නට සෙනඟ පැමිණෙන්නෙ.. මා මේ පර්යේෂණය මගේ බ්ලොග් අඩවියේම කර ඇත්තේ වරක් දෙවරක් නොවෙයි.  සෑම වතාවකම ලිංගිකත්‍වය සම්බන්ධ තේමාවක් යෙදූ විට මගේ බ්ලොග් අඩවිය කියවන්නට එන සංඛ්‍යාව සාමාන්‍යයෙන් පැමිණෙන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක්. මේ නිසාම තමයි පසුගිය කාළෙක ලිංගිකත්‍වය තේමා කරගත් සමහර බ්ලොග් අඩවි සෝඩා බෝතලය කැඩුවා වගේ ජනප්‍රිය වෙලා මාස කිහිපයක් ඇතුලත හිට්ස් ලක්‍ෂ ගණනක් ලබා ගත්තෙ... මිනිසා ලිංගිකත්‍වයට බරයි. කාටවත් ඒක වැටවල් ගහලා නවත්වන්න බැහැ. ඒක වැටවල් ගහලා නවත්වන්න යාමත් බොරුවක්... කරන්න බැහැ. බලන්න කොළඹම කෙපමණ ලැගුම්හල් ප්‍රමාණයක් තිබෙනවාද කියා.. ඒවාට යන්නෙ කවුද කියා බලන්න.. බොහොමයක් වෙලාවට යන්නේ පාසැල් යන වයසේ හෝ ඊට වඩා තරමක් වයස තරුණ තරුණියන්.... කවුද මේ ලැගුම් හල්, ගණිකා මධ්‍යස්ථානවල අයිතිකරුවන්... දේශපාලනඥයින්, ඔවුන්ගේ හෙංචයියො, නීතීඥවරුන්, නළු නිළියන්, වගේ රටේ බොහොම සම්භාව්‍ය උදවිය.

රටේ ලිංගික අපචාර වලට වැඩියෙන්ම නම ගෑවෙන්නෙ කාගෙද ? දේශපාලනඥයින්, හෙංචයියන්, නළු නිළියන්, වගේම කට්ටිය... ඉතින්... දැන්වත් අපේ මේ බොරුවට දවටාගෙන ඉන්න සංස්කෘතියේ දුහුල් සළු පිළි ගලවලා අනාගත පරපුර වෙනුවෙන් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ රජය කටයුතු කළේ නැත්නම් අපට 2020 වනවිට ඉතිරි වෙන්නේ දියවැඩියාව සහ සමාජරෝග වලින් පිරිච්ච සමාජයක් පමණයි. මේ වගේ රෝගී සමාජයකින් අපට අනාගතයේදී රටක් දියුණු කරගෙන ආසියාවේ ආශ්චර්යය කරා යන්න බැරි වෙනවා. අපට වෙන්නේ ආසියාවේ රෝහල බවට පත් වෙන්නයි.

මේ නිසා දැන් අපි ක්‍රියාත්මක විය යුතුයි. දරුවන් දැනුම් තේරුම් ඇති කාළයක සිට තමන්ගේ සිරුර තමන්ට පමණක් අයිති දෙයක් බව දැනුවත් විය යුතුයි. මේ නිසා තමයි අපචාර වල නියැලෙන්නන් දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ... ළමා අපචාර වැඩි වන්නෙ... දරුවන් සහ දෙමාපියන් -විශේෂයෙන් මව සහ දරුවා  අතර කුඩා කාළයේදී දැඩි සම්බන්ධයක් තිබිය යුතුයි. දරුවා නාවන විට, දරුවාට ඇඳුම් අන්දවන විට මවට හැකියි මේ දේ කියා දෙන්න.. තමන්ගේ සිරුර ස්පර්ෂ කළ හැක්කේ මවට සහ තමාට පමණක් බවත්, පියාට වුවත් අනිසි ලෙස ස්පර්ෂ කිරීමක් සිදු නොකළ හැකි බවත් දරුවාට පැහැදිළි කළ යුතුයි. වෛද්‍යවරයෙකුට වුවත් දරුවා ස්පර්ශ කළ හැක්කේ දෙමාපිය අවසරයක්, දරුවාගේ රෝගී තත්ත්‍වයක් නිසා පමණක් බව ඉගැන්විය යුතුයි. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ලිංගික අවයව පිළිබඳ සහ වෙනත් බැරෑරුම් දේ ගැන නිසි වයස එළැඹෙන විට කියා දිය යුතුයි. සාමාන්‍ය පෙළ ප්‍රජනනය පාඩම තමන්ට කියවගන්න කියන ගුරුවරු ඉන්න රටක  මෙවැනි ලිංගික අධ්‍යාපනයක් මනා සංයමයකින් ලබා දීම සුවිශාල අභියෝගයක්... ඒ අභියෝගය භාර ගන්න පුද්ගලයාට මනා සංයමයක් තිබිය යුතුයි.. ලංකාවේ අධ්‍යාපනයම පිස්සු කෙළින අවස්ථාවේ ලංකාවේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙන් මේ වගේ වැදගත් දෙයක් බලාපොරොත්තු වීම ඇත්තෙන්ම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉතින් අම්මේ තාත්තේ... දැන් ඔබ සංස්කෘතියේ බැමි ලිහිල් කළ යුතු කාළය ඇවිත්. තමන්ගේ දරුවා සමඟ ලිංගිකත්‍වය පිළිබඳව සංයමයකින් කතා කරන්න කාළය ඇවිත්... නැතිනම් සිදු වෙන්නේ ඔබේ පුතා සමාජරෝගියෙක් වීමත්, ඔබේ දුව පාසැල් යන වයසේදීම ගැබ්බර වීමත් යන දෙකෙන් එකක් පමණයි. දැන් ලංකාවේ පවතින රූපවාහිනී නාලිකා 25 කට අධික ප්‍රමාණයෙනුත් ඉන්දියාවෙන් එන චැනල සියල්ලෙනුත් කෙරෙන්නේ දරුවන්ගේ හැඟීම් ඇවිස්සෙන එක පමණයි..

ගබ්සාවක් කිරීමට මුලින්ම දරුවකු පිළිසිඳගත යුතුයි. මේ සඳහා ලිංගිකව සක්‍රීය පිරිමියෙකු සහ ගැහැණියගේ එක් වීමක් අත්‍යවශ්‍යයි. මේ අනුව ලංකාවේ දිනකට ගැහැණුන් 700 දෙනෙකු ට වඩා අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් වල නියැලෙනවා. මේ ලංකාවේ සේවය කරන ගණිකාවන් 40,000 දෙනාට අමතරව. ඒ අනුව ගැහැණුන් සහ මිනිසුන් 14,000 ක් අවම වශයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් වැළඳීමේ ඉඩකඩ තිබෙනවා.  මෙන්න මෙතැනයි භයානක කම. ඒ අතරින් ඒඩ්ස් පැතිරීම ලංකාවෙ සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව පැවසෙනවා. ඉතිං... බලාගෙනයි....

ඔබත් අනාරක්‍ෂිතව ලිංගික හැසිරීම් වල නියැලෙන්නෙකු නම්, වහාම ලඟම ඇති ෆාමසියට ගොස් ලැජ්ජාව පසෙක තබා උපත් පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න. ගැහැණියක් ඉදිරියේ නිරුවත් වීමට ඔබට ලැජ්ජාවක් නැතිවා සේම ඒ සඳහා ආරක්‍ෂිතව සහභාගී වීමට උපත්පාලන කොපු ලබා ගැනීමට ලැජ්ජාවක් ඔබට තිබිය නොහැකියි. ඒ නිසා ලැජ්ජ බිමින් තියන්නට පෙර ලැජ්ජාව පසෙක තබා උපත්පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න.. එසේ නොවුව හොත් ඔබට සිදු වන්නේ පිඹ පිඹ ඉන්න නොවෙයි... ඊට වඩා අනතුරක්.... ඔබ ලිංගිකව සක්‍රීය තරුණියක් නම්.. (ලංකාවෙ බොහෝ තරුණියන් ලිංගිකව හැසිරුණත් අක්‍රීයයි -ඒක වෙනම කතාවක්) තරුණියක් හැටියට ඔබට යුතුකමක් තිබෙනවා ඔබ හා ලිංගිකව එක්වන පුද්ගලයාගෙන් උපත් පාලන කොපුවක් තිබේද කියා විමසන්න... ඔබේම පෙම්වතා වුනත්... අනාරක්‍ෂිතව ලිංගිකව හැසිරුනොත් ගැබ් ගන්නෙ ඔබ මිසක් ඔහු නොවෙයි....  ඒ වගේමයි... අනාරක්‍ෂිත ගබ්සාවකදි වෛද්‍යවරයා කොතරම් දක්‍ෂයෙකු වුවත් ඔබ මිය යන්න ඇති අවකාශ වැඩියි... බොහොමයක් ගබ්සා උපකරණ නිසි ලෙස ජීවාණුහරණය කර නැහැ... ඒ නිසාම ඔබට සමාජරෝග වැළඳීමේ අවදානමත් වැඩියි... ඒ වගේම ඔබේ පෙම්වතා කෙතරම් විශ්වාසවන්ත වුනත් ඔහුගේ උණකටුව කොහේ ඔබලා  කාගෙ කාගෙ උණ බලලා එනවද කියලා ඔබ නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා එක්කෝ ඔබ උපත්පාලන කොපු ඔබ සතුව තබා ගන්න... නැතිනම් ඔහුට ඒවා රැගෙන එන ලෙස පවසන්න... වරක් දෙවරක් ලිංගික සබඳතා ප්‍රතික්‍ෂේප කළාම  ඉබේම ඔහු පුරුදු වේවි... නමුත් ඔබ දෙදෙනාටම ලිංගික සබඳතා පවත්වන්නෙ නැතිව ඉන්න සංයමයක් තිබෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි.

ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි...

දැන්ම ක්‍රියාත්මක නොවුන හොත් අපට සිදු වන්නේ විශාල විනාශයක්.. දැනටමත් ඔබ-අප අතරේ ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග වැළඳුන කීදෙනෙක් ඉන්නවද කියා අප දන්නෙ නැහැ. ඔබට ලිංගිකව එක්වන්න එපා කියන්න මට කිසි අයිතියක් නැහැ... මම එහෙම කියන්නෙත් නැහැ... ලිංගිකත්‍වය කියන්නේ වැඩුනු - වගකීමක් ඇති මිනිසෙකුගේ ගැහැණියකගේ අයිතියක්... නමුත්, කිසිදු විටෙක විශ්වාසදායක නොවන කෙනෙකු සමඟ අනාරක්‍ෂිත ලිංගික ඇසුරක් පවත්වන්න එපා. එසේම තමන්ගේ පෙම්වතිය-පෙම්වතා සමඟ ලිංගික ඇසුරක් පවත්වනවා නම් ආරක්‍ෂක උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න... ඒ වගේම ගෙදර කෑම රසවත් නෑ කියලා පිට හෝටල් වලින් කන්න ගිහින් බඩේ අමාරු හදා ගන්නෙ නැතිව ගෙදර කෑම එකම මෙනු එක වෙනස් කර කර වෙනස් වෙනස් විදියට කන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. ඒක ගෙදර මනුස්සයත් එක්ක සාකච්ඡා කරලා බේරගන්න.. අපට ෂලකනවනං අපිත් ෂලකනවා කියලා සමහර විට ඇහෙන්න බැරි නෑ... ලිංගික කටයුත්තෙදි බේකරි මෙතඩ් එක පාවිච්චි කරන්න ගිහිල්ලා පාන් කර කර ගත්තාම අන්තිමට වෙන්නේ පෝරණුව ගඳ ගහන එක බව විවාහක සහ අවිවාහක සියළුම දෙනා මතක් කරගත්තොත් හොඳයි.

Sunday, October 14, 2012

2012 ඔක්තෝබර් 14:පිරිමින්ගේ අවයවයේ දිග ලිංගික සුවයට බලපාන අයුරු...... ලිංගික අධ්‍යාපනික පර්යේෂණයක්...

මේ ප්‍රශ්නය හැමෝටම තියෙන ප්‍රශ්නයක්... Does the size matter ? පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම තියෙන පොදු ප්‍රශ්නයක්... නැහැ කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියවන එක නවත්වන්න... මොකද ඒ ගොල්ලන්ට මේ පර්යේෂණය අදාල වන්නෙ නැති නිසා...


ලිංගිකත්‍වය හරිම පෞද්ගලික දෙයක්.. බටහිර රටවල නම් තරමක් හෝ එළිපිට කතා කෙරුණත්, පෙරදිග රටවල කතා කෙරෙන්නෙම නැති තරම් - අවම වශයෙන් අඹු-සැමි දෙදෙනා අතරවත්. නමුත් දැන් නම් පෙරදිග තරුණ තරුණියො තරමක් විවෘතව ලිංගිකත්‍වය ගැන කතා කළත් තම තමන්ගේ රුචි  අරුචිකම් - කුතුහලයන් - ප්‍රශ්න ගැන වුවත් විවෘතව කතා කෙරෙනවා අඩුයි. ගැහැණුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාර්ථක ලිංගික එක්වීමකට එහෙමත් නැතිනම් තෘප්තිමත් වන්නට පිරිමින්ගේ අවයවය කෙතරම් විශාල විය යුතුද යන්න.. පිරිමින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමන් සමඟ එක් වන කාන්තාව තෘප්තිමත් කිරීමට තමන් කෙතරම් විශාල විය යුතුද යන්න. කොහොම වුනත් මේ කොට්ඨාස දෙකෙන් වැඩිපුර මේ පිළිබඳ සිතන්නෙ කාන්තා පාර්ශවය කියලා තමයි පර්යේෂකයින් පවසන්නෙ. එහෙම කිවුවා කියලා බවලත් උදවිය මට ඉදල් කොසු  එල්ල කරනවා එහෙම නොවෙයි... හොඳද ? මම කරන්නෙ වාර්තා කිරීම පමණයි... මේ ප්‍රශ්න දෙක පෙරදිග අයට පමණක් නොවෙයි බටහිර රටවල උදවියටත් තවමත් තිබෙන ප්‍රශ්න. මේ නිසාම ස්කොට්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායමක් ඔබගේ දැවෙන ප්‍රශ්නයට පිළියමක් හොයන්න පර්යේෂණයක් කරලා... මේ තිබෙන්නේ ඒ පර්යේෂණය සහ එහි ප්‍රතිඵල....
පිරිමින් නිතර සිතන්නේ තමන්ගේ ප්‍රමාණය විශාල වන තරමට කාන්තාවන් කැමැත්තක් දක්වන බවලු. ඒ නිසාලු ඔවුන් සිය මළනුවන් ගැන වැඩිපුර සිතන්නෙ. නමුත් සත්‍ය වශයෙන්ම වැඩිපුර පිරිමින් සංඛ්‍යාවක් සාමාන්‍ය අය ලු. පිරිමි අවයව දිග අනුව කොටස් කිහිපයකට බෙදෙනවා.
  • විශාල - ප්‍රාණවත් වූ විට අඟල් 7 කට වඩා දිගු
  • සාමාන්‍ය - ප්‍රාණවත් වූ විට අඟල් 5.5 ත් 6.2 ත් අතර
  • කුඩා - ප්‍රාණවත් වූ විට අඟල් 5 කට වඩා කෙටි
  • ක්‍ෂුද්‍ර - ප්‍රාණවත් වූ විට අඟල් 2.5 ට වඩා කෙටි (එහෙම අයත් ඉන්නවා ලෝකෙ)
ඉතින් ඒ වගේම මේ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත තිබෙනවා. ඒ මත ඔප්පු කිරීම හෝ බැහැර කිරීම සඳහා තමයි මේ පර්යේෂණය කරලා තිබෙන්නෙ. නමුත් මේ පර්යේෂණයෙ අඩුපාඩු තිබෙනවා.. ඒ ගැනත් අන්තිමට සඳහන් කරන්නම්...
ඈත අතීතයේ සිටම පුරුෂාධිපත්‍යය පෙන්වීමේ ප්‍රබල අවියක් ලෙස විශාල අවයවයන් යොදාගෙන ඇති බව ඓතිහාසික මූලාශ්‍ර වලින් පෙන්නුම් කරනවා. පොම්පෙයි නගරයේ ඇඳ තිබූ චිත්‍රවල ධනවත් මිනිසුන්  තරාදි වල දැමු මුදල් මලු සමබර කිරීම සඳහා  ඔවුන්ගේ විශාල අවයවයන් අනෙක් පස තබා ඇති අයුරු දක්වනවා ලු (චිත්තරූප මවා ගන්න එපා) එසේම තුන්වන සියවසේ තනන ලද ඩයොනීසියස්ගේ දේවාලය අවට ගල්වලින් තැනූ විශාල පිරිමි අවයවයන් විසිර තිබූ බවත් සඳහන්.  ඔටෝමාන් අධිරාජ්‍යයාගේ සොල්දාදුවන් විසින් ප්‍රසිද්ධියේ තම විශාල අවයවයන් සතුරු සොල්දාදුවන්ට පෙන්වා උසුළු විසුළු කර බවත් සඳහන් (එල්ටීටීඊ සොල්දාදුවන් සාම ගිවිසුම කාළයේ මේ ක්‍රමයම අනුගමනය කළාලු ඔවුන්ගේ පස්ස පැත්තට (හිතෙන දෙයක් හිතා ගන්න). එසේම බොහෝ ග්‍රීක සහ රෝම ප්‍රතිමා වල අඹා ඇති සාමාන්‍ය ප්‍රමාණයේ අවයවයන් බොහෝ දුරට ඒ පිළිම වලට අදාල පුද්ගලයන්ගේ පෞරුෂත්‍වය අනුව තනා ඇති බවත් සඳහන්. ඉන්දියාවේ හින්දු දේවාලවලත් මෙසේම විවිධ රූප අඹා ඇති බවත්, ශිවලිංගය පිළිබඳ පුරාවෘත්තත් මේ ලෝක ඉතිහාසය පුරාම පිරිමින්ගේ අවයවය පුරුෂාධිපත්‍යයේ, සරු භාවයේ, ලිංගිකත්‍වයේ සහ පෞරුෂත්‍වයේ සංකේතයක් ලෙසින් යොදාගෙන ඇති බව පෙනෙනවා. වෙනකක් තබා ප්‍රංශයේ ඇති විශාලතම කුළුණ වූ අයිෆල් කුළුණ ද නැපෝලියන් අධිරාජ්‍යයාගේ පැවති පුරුෂාධිපත්‍ය මානසිකත්‍වය පිළිබිඹු කරවන්නක් යැයි පැවසෙනවා.
ඉතින් මේ විවිධාකාර අරුත් දෙන මේ දෙය විවිධ ප්‍රමාණවලින් පැවතෙනවා. කළු ජාතිකයින් විශාල අවයවයන්ට උරුමකම් කියන බවට මතයක් ඇතත් එය එතරම් ම සත්‍ය නැති බවයි පැවසෙන්නෙ. එසේ මතයක් ඇත්තේ බොහෝ පින්තූර සහ චිත්‍රපට වලට යොදා ගන්නා කළු ජාතිකයන් එසේ වන නිසා බවයි කියන්නෙ. කිසිම පින්තූරයක හෝ චිත්‍රපටයක කුඩා  අවයවයන් ඇති පුද්ගලයින් යොදා නොගන්නා බව සඳහන්. ඒ බටහිර රටවල මිනිස් සිත් වලට ඔබ්බවා ඇති විශාල අවයවය සතුට වැඩි කරන බවට ඇති මිත්‍යා මතය නිසා ලු. නමුත් ඉන්දියානු සහ නැගෙනහිර ආසියානු පිරිමින් තරමක් කුඩා අවයවයන් සහිත අය බව සඳහන්... ලංකාවෙ මේ ගැන පර්යේෂණයක් කෙරී නැති නිසා ලාංකිකයන් මෙතැනට අදාල නැති වෙන්න පුළුවනි. ඒ නිසා වැඩිය කලබල වෙන්න එපා.
ඉතින් මේ පර්යේෂණය කෙරී ඇත්තේ ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාල සිසුවියන් 323 දෙනෙකුගේ මෑතකදී පැවැත්වූ ලිංගික සබඳතා පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් මේ පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මෑතකදී පැවැත්වූ සබඳතා වලදී සහකරුවාගේ ලිංගික චර්යාවන්, ලිංගයේ දිග-පළල, තමන් සුරාන්තයට පත් වූවාද/නැද්ද, ඉන් තෘප්තියක් ලැබුවාද යන ප්‍රශ්න වලට ලැබුණ පිළිතුරු වලින් මේ පර්යේෂණය සිදු කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න වී ඇත්තේ පුරුෂ අවයවයේ දිගට අදාල ව ලිංගික සබඳතාවයේදී තමන් සුරාන්තයට පත් වූවාද යන්නයි.
මෙහිදී යොදාගෙන ඇති නිර්ණායක වන්නේ සාමාන්‍ය පුරුෂ ලිංගයක දිග ඇමරිකානු ඩොලර් 20 ක නෝට්ටුවක දිග එනම් අඟල් 5.8 ක්  ිලෙසිනුත් අඟල් 6.1කට වඩා වැඩි ඒවා දිගු ලෙසිනුත්. එහිදී ඔවුන්ගෙන් අසා ඇත්තේ තමන් වඩා සතුටක් ලැබුවේ දිගු පුරුෂ අවයවයන්ගෙන්ද නැතහොත් සාමාන්‍ය හෝ කෙටි අවයවයන්ගෙන්ද යන්නයි. ඒ අනුව ඔවුන්ගෙන් 160 දෙනෙකුම සාමාන්‍ය දිගක් සහිත පුරුෂයන් සමඟ එක්වීමෙන් සුරාන්තයට පත් වී ඇති වුවත්, ඔවුන්ගෙන් ද 34% ක් සාමාන්‍ය දිගට වඩා වැඩි දිගක් සහිත අයට කැමැති බවත් හෙළිවී තිබෙනවා. ඒ 160 දෙනාගෙන් 60% ක් පවසා ඇත්තේ ප්‍රමාණය කිසිදු වෙනසක් නොදැක්වූ බවයි. 6% ක් පමණ දෙනා පවසා ඇත්තේ දිගු ලිඟු කෙටි ඒවාට වඩා අඩු සතුටක් දුන් බවයි.
එසේම මේ අධ්‍යයනයේදී ඔවුන් පැමිණි නිගමනයක් නම් පසුගිය මාසයක කාළයක් පුරා සුරාන්තයට පත් කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් කියා ඇත්තේ ඔවුන් දිගු ලිඟුවලට කැමැත්තක් දක්වන බවයි.  ඔවුන් පවසන්නේ දිගු අවයවයන් කාන්තාවන්ගේ ප්‍රජනක මාර්ගයේ සම්පූර්ණ දිගම උත්තේජනය කිරීමට සමත් වන නිසා මේ කතාවේ සත්‍යතාවයක් ඇති බවයි. නමුත් මේ පර්යේෂණයේ විශාල අඩුපාඩු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.
මේ පර්යේෂණයට සම්බන්ධ වූ කිසිදු කාන්තාවකගේ ප්‍රජනක මාර්ගවල දිග මැන නොතිබීම නිසා පෙර කී නිගමනය 100% ක් නිවැරදි නැහැ. මක් නිසාද යත් බොහෝ කාන්තා ප්‍රජනක මාර්ග අඟල් පහකට වඩා ඇතුලට පැතිරී නොමැති වීමයි. එසේම තවත් සමහරු පවසන්නේ ලිඟුවේ දිගට වඩා වට ප්‍රමාණය බලපාන බවයි. ඒ අනුව ඔවුන් පිරිමි අවයවයන්ගේ වටප්‍රමාණය සළකා නොබැලීම  මේ පර්යේෂණයේ තවත් අඩුවක් වී ඇත. එසේම එයට සමගාමීව කාන්තාවන්ගේ ප්‍රජනක මාර්ගයේ විශාල බව/කුඩා බව මැනීමක් ද වී නැහැ. එයට අමතරව ඔවුන් යොදාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවියන් කණ්ඩායමක්, බොහෝ විට මේ නියැදිය මගින් සම්පූර්ණ කාන්තා ජනගහනය නියෝජනය වන්නේ නැහැ. එසේම විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන් ලිංගික හැඟීම සහ සබඳතා වලට ප්‍රතිචාර දක්වන්නේ විවිධාකාරයට. සමහර කාන්තාවන් ඉක්මනින් ප්‍රතිචාර දක්වන අතර සමහරුන් ඉතා දිගු කාළයක් ප්‍රතිචාර දැක්වීමට ගත වෙනවා. එසේම ඔවුන් ලිංගික සබඳතාවයට පෙර පවත්වන උත්තේජනය කිරීම සඳහා කෙතරම් කාළයක්, කෙතරම් උත්සාහයක් ගත කළාද යන්නත් දක්වා නැහැ. මේ නිසා මේ පර්යේෂණයේ සම්පූර්ණත්‍වය පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ එතරම් විශ්වාසයක් නොවේ.

කොහොම වුනත් මේ සම්බන්ධව අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ සාර්ථක ලිංගික සම්බන්ධතාවයකට ප්‍රමාණයේ ප්‍රශ්නයක් නොමැති බවත් අන්‍යොන්‍ය තේරුම් ගැනීම සහ සබැඳියාව, එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් පිළිබඳ දැනීම, ඒ පිළිබඳ විවෘතවීම සහ ඒ අනුව ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන බවයි... ඒ නිසා අපි බොහෝ දෙනෙක් කියන්නා සේ " සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි"
ඉතින් අපි වැදගත් මිනිස්සු වගේ මේකට ප්‍රතිචාර දක්වමු....
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මෙයට පෙර ලියූ ඔබ මේ විනාශ කරන්නේ ඔබගේ පුතාගේ-දුවගේ ජීවිතයයි යන ලිපිය නම් කියවා තිබුණේ සියයක් වැනි ප්‍රමාණයක්... ඒ මාතෘකාව එතරම් ඔබට වැදගත් නොවන නිසා වෙන්න ඇති... නමුත් මේ ලිපිය නම් ඔබට බෙහෙවින් වැදගත් වේවි...

Wednesday, October 3, 2012

2012 ඔක්තෝබර් 03 : SEX ගැන ඔබ නොදන්නා දේ............... සහ තවත් කතා.... 18-


අපි පත්තර වලින්, චිත්‍රපටි වලින්, වාර්තාමය චිත්‍රපය වලින්, දන්න කියන අයගෙන් ආදී බොහෝ ක්‍රම වලින් බොහෝ දේ ඉගෙන ගන්නවා.. නමුත් අපි ටිකෙන් ටික දැනුම් තේරුම් යනකොට තේරෙනවා අපි කොච්චර පොඩ්ඩද දන්නෙ කියලා.. උදාහරණයක් විදියට ගත්තොත් අපි රසායන විද්‍යාවෙම කොටසක් වන පරමාණුව ගැන දැනුම සාමාන්‍ය පෙළ - උසස් පෙළ - විශ්ව විද්‍යාලය - ශාස්ත්‍රපති උපාධිය - ආචාර්ය උපාධිය - පර්යේෂණ  ආදී දේ පසු කරමින් එනවිට පුළුල් පරාසයක් පසු කරමින් ඉදිරියට ඇදෙනවා. නමුත් අර මුලින්ම ඉගෙන ගත් ඩෝල්ටන්ගේ පරමාණුව වාදයත් අපේ හිතේ තියෙනවා. මෙන්න මේ වගේ.. අපි යමක් ඉගෙන ගන්නකොටයි තේරෙන්නෙ අපි කොච්චර පොඩ්ඩද දන්නෙ කියලා..
ඉතිං SEX වුනත් එහෙමයි... පොඩි කාළෙ නම් දන්නෙම නෑ... නමුත් ටිකෙන් ටික ලොකු වෙනකොට අපිට ටික ටික තේරෙන්න ගන්නවා. අම්මලා තාත්තලා ඉඳලා හිටලා කියා දෙනවා.. ලොකු අය කරන දේවල් බලාගෙන ඉගෙන ගන්නවා.. අපිත් සමහර විට අත්හදා බලන්න ගන්නවා.. ඊලඟට පොත්පත් - පත්තර - වීඩියෝ - චිත්‍රපටි - ආදී මේ දේවල් වලින් ටික ටික ඉගෙන ගන්නවා.. ඒ වුනත් මේ අපි ඉගෙන ගන්න සියළුම දේවල් ක්‍රියාවට නංවන්න හම්බවෙන අවස්ථාවන් නම් හරිම අඩුයි.. මොකද අපට ඒ හැම අවස්ථාවක්ම ලැබෙන්නෙ නැති නිසා. බොහෝ අය තියරි වලින් පරතෙරට ගියත් ප්‍රැක්ටිකල් කරන්න ගියාම අනා ගන්නවා.. හොඳයි බොරුද මං කියන්නෙ ? ඉතිං ඒ නිසා මම අධ්‍යාපනික බ්ලොග් අඩවියක් වශයෙන් ඇල්කෙමියාගේ රසායනාගාරයේ අද ලිපිය SEX ගැන කියලා දෙන්න තීරණය කළා. දැන් බවලත් උදවිය කොසු ඉදල් උස්සන් එන්න එප ඇල්කෙමියා වනචර දේවල් කියලා දෙනවා කියලා.. වනචර වුනත් ඉගෙන ගත්තොත් කාටද ?


SEX කියන වචනය ඇත්තෙන්ම බොහෝ තේරුම් දෙන වචනයක්... ඍජු තේරුම ගත්තොත් ඒකෙන් ගම්‍ය වෙන්නෙ පොදුවේ ලිංගික ක්‍රියාවලියක්... ලිංගිකත්‍වය වගේ දේවල්.... සමහරු මේකත් වැරදියට හිතා ගන්න අවස්ථා තියෙනවා. World's Sexiest Woman කියන්නෙ මේ ලිංගික ක්‍රියාවලියෙ පරතෙරට ගිය ගැහැණියක් ගැන නෙවෙයි... වඩාත්ම සරාගී - නැතිනම් ආකර්ෂණීය ගැහැණිය යන්නයි. ඒ වුනාට මේ අකුරු තුනේ ලොකු ලොකු තේරුම් තියෙනවා.. වචනයක් විදියට නොගත්තොත් එහෙමත් නැතිනම් abbreviation එකක් හෙවත් කෙටි යෙදුමක් ලෙසින් ගත්තොත් වෙනස් වෙනස් තේරුම් එනවා...
S.E.X
  • Smile :Energy: eXitement (Wake up with SEX)
  • Sembach Germany Regional Airport code
  • Southern Eastern eXtreame - Internet-Chat
  • Scientific Experiment Xylaphone - Music
  • Secret Entertainment eXtreme - Internet-Chat
  • Sam's Easy X-ray - Medical/hospital
ඉතින් මේ තියෙන්නෙ ඒ වදන කෙටි යෙදුමක් ලෙසින් භාවිතා වෙන අවස්ථා... ඊලඟට ඔය කවුරුත්   අහලා ඇති SEX නැමැති බල්ලා ගැන කතාව...
අහලා නැතිනම් මෙන්න කියවන්න.
A DOG NAMED SEX
Everybody I know who has a dog usually calls him *rover* or *spot*. I called mine *sex*. Now sex has been very embarrassing to me when I went to the city hall to renew the dog's license for sex. I told the clerk I'd like a license for sex he said. "I would like to have one too!". Then I said, "she is a dog!!". He said he didn't care what she looked like. I said, "you don't understand. I had sex since I was 9 years old." He replied, "You must have been quite a strong boy."
When I decided to get married, I told the minister that I would like to have sex at the wedding. He told me to wait until after the wedding was over. I said, "but sex has played a big part in my life and my life revolves around sex." He said he didn't want to hear about my personal life and would not marry us in his church. I told him everybody would like having sex at the wedding. The next day we were married at the justice of peace. My family was barred from the church then on.
When my wife and went on out honeymoon, I took the dog with me. When we checked into the motel, I told the clerk that I wanted a room for me and my wife and a special room for sex. He said every room in the motel is a place for sex. I said, "you don't understand. Sex keeps me awake at night." The clerk said, "me too!"
One day I entered sex in a contest. But before the competition began, sex ran away. Another contestant asked me why I was just looking around. I told him that I was going to have sex in the contest. He said that I should have sold my own tickets. "You don't understand!!" I said. "I hoped to have sex on TV!!". He called me a show off.
When my wife and I separated, we went to court to fight for custody of the dog. I said, "your honour. I had sex before I was married, but sex left me after I was married." The judge said, "me too!!"
Last night, sex ran off again. I spent hours looking all over for her. A cop came over and asked me what I was doing in the alley at 4 o'clock in the morning. I said, "I'm looking for sex." My case comes up next Thursday.
Well now I have been thrown in jail, been divorced and had more damn troubles with that dog than I ever foresaw. Why just the other day when I went for my first session with my psychiatrist, she asked me, "what seems to be the trouble?" I replied, "sex has been my best friend all of my life but now it has left me forever. I couldn't live any longer. So lonely." The doctor said, "look mister you should understand sex isn't a man's best friend. So get yourself a dog."
ඒ මොනව වුනත් අද මම කතා කරන්න යන්නෙ වෙනත්ම SEX එකක් ගැන.... ඒත් මේ කතාවක් දාන්න ගිහින් වැඩේ දිග්ගැස්සුනා... ඒ නිසා SEX ගැන හොඳම හරිය ඊලඟ පෝස්ට් එකෙන් බලා ගන්න...