ජනාධිපති මහින්ද රාජපක්ෂ මාත්තයාට වොෂිංටනයේ කට්ටිය කියන්නේ මාස්ටර් ටැක්ටීෂියන් කියාලා යැයි දිවයින පත්තරේ ආරස්සක කෝලම ලියන කීර්ති වර්ණකුලසූරිය මාත්තයා දවසක් ලියා තිබුණාය. මේ ගැන මමත් සොයා බැලුවෙමිය. ඇත්තෙන්ම බලාගෙන ගිහාම මේ කතාව අමූලික ඇත්තය.. දැන් බලන්නලා... ප්රභාකරන්ට ගුලියක් අඹරලා ඡන්ද ටික දෙමළුන්ට කියාලා වර්ජනේ කොරාගෙන උන්දෑ පලවෙනි වතාවෙ දිනුවාය. දිනලා ඉවර වෙලා අර විශ්රාම ගන්න ඔන්න මෙන්න හිටපු සරත් පොන්සේකා මාත්තයා හමුදාවේ ලොක්කා කොරේය. ලොක්කා වෙච්චි පොන්සේකා මාත්තයා ඒ හයියත් හිතට අරගෙන වහලා තිබුණ මාවිල් ආරු ටැප් එක ලඟින් ගහන්න පටං අරං නතර කොරේ නන්දිකඩාල් වලින්ය.. අන්තිමට මහින්ද මාත්තයා දිනවන්නට ක්රියාකළ ප්රභාකරන්ට වුනේ පුකේ යකඩ බටයක් ගහගෙන පොරෝ පාර නළලේ ගහ ගන්නය.... (හොඳ වෙලාවට අපේ කට්ටිය වෑයෙන් ඇහැලා පොරොවෙන් ගැහුවෙ නැත්තෙ)... ඒ වුනාට වෙන්න යන සීන් එක දැනගත්ත කරුණා අයියා වෙලාවට පැත්ත මාරු කළේය.. පිල්ලියාන් අයියාටද ගේම හම්බ වෙන්න යන්න ගියත් දන්න නිසා මාරු වුනේය... දැන් බලන්න ඒ අය ඉන්න සොමිය...
යුද්දෙ දිනපු සරත් මාත්තයා හිතුවේ යුද්දේ වගේම අනිත් එකත් දිනන්න පුළුහං කියාය... රනිල් අයියයි සෝමවංස සීයයි ඒකටම පෝර දමාලා සරත් මාත්තයාට යන එනමං නැති කොරේ ද මහින්ද මාත්තයාගේ ටැක්ටික් එකක් ලෙස යැයි කතාවක් තිබේලුය... ඊට පස්සේ සරත් මාත්තයාට වෙච්ච දේ අපි සියල්ලෝම දනිති.. වැඩේ කෙළවෙන බව දැනගත් කේපී අයියා ද ගානට මහින්ද මාත්තයාට හේත්තු වී අර සරත් මාත්තයාට වඩා ප්රවිලෙජස් ලබනවාය... මරු නේද ?
ඊට පස්සේ හෝ ඉස්සෙල්ලා විපක්ෂයේ කට්ටිය ආණ්ඩුවට ඇවිත් මහින්ද මාත්තයාගේ දෑත සත්තිමත් කරමින් ඒ මාත්තයාට දෙක නෙමේ තුන පාරක් ම හෝ ඊටත් වැඩියෙන් ජනාදිපති වෙන්නට පාර කපා දුන්නාය... දැන් මහින්ද මාත්තයාට ඒ පැත්තෙනුත් තුනෙන් දෙකම ඇත... ඔක්කෝම පහකි... සමහරු නං කියන්නේ එකක් අයින් කරලා කියලාය. ඒ කියන්නේ ටෝටල් හතරකි..... ඒ අපට වැඩක් නැතිය. සමහර විට පාරිලිමේන්තුවේ ඉන්නවා යැයි කියන සක්-කළ වට්ටම් ඒ ගැන දන්නවා ඇත...ඉතින් මේ ආකාරයෙන් මහින්ද මාත්තයා මාස්ටර් ටැක්ටීෂීයන් කෙනෙක් වගෙ වැඩේ දීගෙන දීගෙන යද්දී ආ අළුත්ම කලබැගෑනිය බජට්ටුවයි... මේ බජට්ටුවෙන් බේරෙන්නේ කෝමදැයි බල බලා ඉන්නකොට මහින්ද මාත්තයාගේ ටිකිරි මොලේට ආ අළුත්ම අදහස කට්ටිය නොමඟ යැවීමේ කලාවයි... ඒ කියන්නේ අක්කා පෙන්නා නංගී දීග දීමේ කලාවයි...
ඒ නිසා අර මුලින් කිවුවා පරිදි මහින්ද මාත්තයා තමන්ට ඕන විදියට බජට්ටුව හදාලා.... කට්ටියට රස කර කර කන්නට උම්බලකඩයක් දුන්නේය... ඒ උම්බලකඩේ ඇවිල්ලා රේස් කාර් බද්දයි... දැං ඉතිං පත්තරකාරයෝ ද විපස්ස කාරයෝද ජෙවීපී කාරයෝද මා හා උඹලා ඇතුළු බොග් කාරයෝ ද මහින්ද මාත්තයාගේ උම්බලකඩේ රස කර කර සූප්පු කරන්නේ චූටිබබා මාත්මිය ලොකු මාත්තයාගේ ඉස්ට්රෙස් එක යන්න කියා දවසක් දුන්න මසාජ් එකේ හැපි එන්ඩින් එක වගේය.... දැන් ඉතිං අපට බජට් එකේ මොකුත් පේන්නේ නැතිලුය.. පේන එකම අටමගලය රේස්කාර්වලට අඩු කරපු බඩ්ඩය... ඉතිං අපි කට්ටිය ඒ බඩ්ඩ ගැන කවිද කතාද ලියා අපේ ඉස්ට්රෙස් එක සැහැල්ලු කර ගන්නවාලුය... අපේ උම්බලකඩේට අපේ පිහිට විතරමය....
ඔන්න උඹලාට පේන්නේ නැති ටික අපට පෙනුනා ලුය.. හරියට හැපි එන්ඩින් එකේ රසවත්ම හරියොදී ලොකු නෝනා කඩා පාත් වුනා වගේම යැයි කියති. හැබැයි ඉතිං අපටත් පෙනුනේ පරක්කු වෙලාමු ය... අපිත් කවි ලිවුවේ ඒකලුය...
දැන්වත් උඔලාගේ විකාර නවත්වා අයවැයේ අනිත් කොටස් ගැන හොයාලා බැලුවොත් හොදයි යැයි මම ප්රකාශ කර සිටිමු...... මමත් පොඩි එකාට ෆෙරාරි එකක් අරගන්නට සෙල්ලම්බඩු කඩයකට ගියෙමිය... උන් ඒවා සත පහක්වත් අඩු කරලා නැත.... ඊට පස්සේ මම ඌට බැලුමක් අරන් දුන්නෙමිය.. අඩුම ගානෙ පුංබලා අරිනකොට ඒ දිහා බලාගෙන අපට හිනා වෙන්නවත් පුළුවනෙමි.
ඔයාගේ හිනාව හරිම ලස්සනයි.
ReplyDeleteහදවතින්ම හිනාවෙන මනුස්සයෙක් කියලා හිතුනා.
අර අඩ ඉන්න නංගි බබාටගේ කක්කි පැත්ත රිදෙනවද දන් නැ . කාර් එක අඩ ඉදගන ඉදලා , පව්
බොහොම ස්තුතියි අටම්...
Deleteමම හිනාවෙනකොට නම් ඇත්තටම හිනාවෙනවා...
තරහ ගියාමත් ඒ වගේම සැරයි ඒත් කලාතුරකින්...
ආ... කාර් එක දැක්කද ? නෑ නෑ... පස්ස පැත්ත කුෂන් කරලා තියෙන්නෙ.... ඒ නිසා වැඩි ප්රශ්නයක් නෑ...
This comment has been removed by the author.
ReplyDelete